chapter 02. ( Familiar guest )

Background color
Font
Font size
Line height

🌷Sana
🐺Lee suk
🙋🏻‍♂️Yonsu
🍂Tiya

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin

🐦 Mrs.Jeon    🐧Mr.Jeon
🦕Mrs.Kim         🐠Mr.Kim

☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡

After two weeks ago

🐺'' සනා... ''

🌷'' ඔප්පා විනාඩි 5ක් දෙන්න... ''

🐺'' ආ... ඔය එන්නේ.. බලනව වෙලාව කීයද කියල.. මං කෑම කන්න පහලට එන්න කියල තියෙන වෙලාව කීයද.. දැන් වෙලාව කීයද.. ''

🌷'' ආ... 7.30ට... දැන් 7.35.. ''

ලීසුක් කියන්නෙ හොද කොල්ලෙක් උනාට එයා හැමදේම කලේ වෙලාවට කලාවට. ගෙදර වැඩ කරන අය උනත් නංගි උනත් වෙලාවට වැඩ කරන්න ඕන කියන එක එයාගෙ නීතියක්. ලීසුක් සනාට බැන බැන hospital එකට ආවා. ඒ යද්දි සනාගෙන් බේත් ගන්න හිටපු කට්ටිය දැකලා කෙල්ලට වගේම කොල්ලටත් බය හිතුනා. කෙල්ල ලීසුක්ට සමු දීලා එයාගෙ වැඩ පටන් ගත්තා. ලීසුක් සනා ගැන ආඩම්බර උනා. එයාටත් නංගි වෙනුවෙන් තිබුනෙත් තව එක හීනයක් විතරයි. ඒත් එයා ඒක හැංගුවා.

🌷'' වැටුන වෙලාවෙ චූටි තුවාලයක් වෙලා. වෙන නම් ප්‍රශ්නයක් නෑ.. Mis.Min... ''
සනා පොඩි කෙල්ලගෙ නලලෙ ප්ලාස්ටර් එකක් අලවන ගමන් කිව්වා.

'' එක තැනක ඉන්න නෑනේ ඩොක්ට... ''

🌷'' ඒකනේ.. චූටි බබෙක් නෙ මේ.. කලින් දුන්න බේත් ටික නම් මෙයාට දිගටම දෙන්න.. Mis.Min..  ''

'' Thank you doctor ''

🙋🏻‍♂️'' ඩොක්ට ඉක්මනට එන්න.. පේෂන් කෙනෙක් ගෙනාවා.. එතන පොඩි කලබලයක්..... ''
සනා ඉක්මනට icu එක පැත්තට ගියා.

🌷'' මොකක්ද මෙතන වෙන්නෙ.. ''

කට්ටිය දෙපැත්තට වෙද්දි සනා ගිහිල්ල බැලුවා..

'' ඩොක්ට.. බේත් විෂ වෙලා තියෙන්නෙ පේෂන්ට ''

🗨'' ජියා.. ඇයි ඔච්චර කෙයාලස් වැඩ කරන්නෙ.. මිස්ට සමා වෙන්න.. ''

'' ඩොක්ට මගෙ දරුවව බේර ගන්න.. ''

'' I'm sorry 😞 ''
ජියා එලියට ගියා. ඒ අතරෙ සනා පේෂන් ලගට ගියා.

🍂'' සනා.. ඇයි.. ''

🌷'' එයාගෙ හුස්ම වැටෙනව.. මට එයාගෙ blood test එකක් කරන්න ඕන.. ටියා.. එකක් අරගෙන එන්න පුලුවන්ද.... ''

🍂'' හරි.... ''
ටියා blood එකත් අරගෙන ඉක්මනට ටේ එක්ක ගියා. ඒ වෙද්දි ඇතුලෙ හිටියෙ සනයි ලමයා එක්ක ආව අයයි විතරයි.

'' Excuse me doctor දරුවට කොහොම ද කියන්න පුලුවන්ද ''

🌷'' දරුවට ප්‍රශ්නයක් නෑ.. නර්ස් මෙයාගෙ දෙමාපියන් ආවොත් මගෙ රූම් එකට එවන්න.. මට පොඩි විස්තර ටිකක් දැන ගන්න ඕන.. ''

'' මම එන්නං ඉන්න...  ඔයා මෙතන ඉන්න ... ''
එහෙම කියල පිරිමි කෙනෙක් hospital manager යි සනායි එක්ක ආවා. කොල්ලත් මාක්ස් දාගෙන නිසා සනා එයාලව දැක්කෙ නෑ.

🗨'' සනා... අද ඉදලා සුකීගෙ private doctor ඔයා.. ඒ නිසා වෙන හැම දේකටම ඔයාට තමා වග කියන්න ඕන.. ඒ වගේම හෙට ඉදලා Emergency එකයි VIP area එකයි ඔයා වැඩ කරන්න ඕන.. ''

🌷'' හරි මැනේජර්..
මිස්ට ඔයා එයාගෙ අප්පද නැත්නම් ''

'' මම මෙයාගෙ අප්පා.. Jeon Jungkook.. සතියකට සැරයක් සුකීට බේත් ගන්න මෙහෙට එනවා. අදත් ආවෙ ඒකට තමා.... ''

🌷'' වට්... ඔයා.. අර.. BT..... ''
කොල්ල බලපු බැල්මට කෙල්ලට තරු පෙනුනා.

🌷'' ආ.. මේ...  හරි... මම කෙලින්ම අහන්නං... සුකීගෙ ඔම්මට දරුවා ලැබෙන්න ඉද්දි.. මොකක් හරි විශක් ශරීරය ගත උනාද.. ''

🐰'' ඩොක්ට මේ වගේ වෙලාවක මට ඒ දේවල් ගැන කතා කරන්න බෑ.. ඒත්.. ඩොක්ට මට පොරොන්දු වෙන්න මේව රහසක් විදිහට තියාගන්නවා කියලා. ප්ලීස්... ''

🌷''  රිපෝට් එක එනකන් ඔයාට බබා එක්ක මෙතෙන්ට වෙලා ඉන්න වෙනවා.. මං මගෙ අනික් පේෂන්ලව බැලුවට කමක් නෑනේ.. ''

ජන්කුක් හා කියපු නිසා සනා බේත් ගන්න ආව කට්ටියව ඇතුලට ගත්තා. සනාට ඉතින් එයාගෙ ජොබ් එක නිසා එතන තව කෙනෙක් ඉන්නව නේද කියලත් අමතක උනා. ඒත් ඉතින්__ ලමයි එක්ක හුරතල් වෙවී බේත් දෙන කෙල්ල දිහාම බලාගෙන ජන්කුක් හිටියෙ කිසිම හැගීමක් නැතුව උනත් ප්ලෑන් එකක් හිතාගෙන.

🙋🏻‍♂️'' සනා.. මේ.. අහ්... සමාවෙන්න...
ඩොක්ට.. රිපෝට් එක.. ''

🌷'' ආ.. ආවද.. ඔහොම ඉන්න..
කෝ.. දෙන්න.. මිස්ට ජියෝන්.. මං කියපු දේ තමයි.. විශ නිසයි එහෙම වෙලා තියෙන්නෙ.. සුකීව හොදට බලා ගන්න.. ආයෙ අසනීපක් උනොත් මට කතා කරන්න... එක්ක ගෙන යන්න පුලුවන්.. ආයෙ බේත් ඕන නැති වෙයි. සුකීගෙ ඩොක්ට නිසා Free වෙලාවක මං සුකීව බලන්න එන්නං.. ''

ජන්කුක් ගියාට පස්සෙ කෙල්ල පේෂන්ලව බලලා ගෙදර යන්න ලෑස්ති උනා. මොකද අද ලීසුක් කලින්ම ගෙදර යමු කියල කියපු නිසා. දෙන්න ම ලීව් දාලා එලියට ආවා.

Sana POV

ඔප්ප එක්ක ඉක්මනට මාත් එක්ක එලියට ආවෙ බස් එකට යන්න. ගෙදර ඇවිත් හැරෙන්න හම්බ උනේ නෑ අපි දෙන්නට මොකද ඔප්පට කෝල් එකක් ආවා. ඒකෙන් ඔප්පගෙ මූණ වෙනස් වෙනව මම දැක්කත් හිතුවෙ නෑ.

🐺'' හෙලෝ... ඔව් කියන්න.... ''

''...

🐺'' මොකක්..
මීට අවුරුදු ගානකට කලිනුයි මම ඔයාට කිව්වෙ ආයෙ අපිට කරදර කරන්න එපා කියලා.. ''

''....

🐺'' දැන්... මේ වෙලාවෙ.. ඕකේ ෆයින් ඇතුලට එන්න....
ෂිට්... සනා.. ඔයා කාමරේට යන්න කෝ.. ගිහිල්ල දොරත් ලොක් කරගන්න..  මං කියනකන් එලියට එන්න එපා... ''

🌷'' හරී... ''
මම කාමරේ දොර වහගත්ත නිසා ගෙදර වැඩට හිටපු අන්ජුම්ම ගිහිල්ල දොර ඇරියෙ ලීසුක් කිව්ව වගේ කිසිම වෙනසක් නොපෙන්වා. දොර ලග හිටපු නිසා මට එලියෙ කතා කරන ඒව ඔක්කොම ඇහුනා.

'' මේ මහත්තය කවුද... ලීසුක් සර්ව හම්බ වෙන්න ද... ''

Unknown: '' ඔව්... ''

'' ඇතුලට එන්න මහත්තය.. මං බේබීට කතා කරන්නං.. ''

Unknown: '' ඉතින් ජන්ග් ලී සුක්... after long time  ''

🐺'' ඇයි ආවෙ මිස්ටර් වොන් ජින්හැන් මොනවද කෙරෙන්න ඕන.. ''

(👹Jinhan
🦨 jinhan's wife )

👹'' කෝ.. අපේ සනා දුව.. ඩාලින් ඔයා ගිහිල්ල එයාව එක්ක ගෙන එන්න.. ''

🐺'' මෙහෙ ඔයාගෙ දරුවො නැ නේ.... මගෙ නංගි විතරයි ඉන්නෙ... මම එයාව එක්ක ගෙන එන්නං.. සනා... එන්න.. ''
මම කාමරෙන් එලියට ආවත් ඉක්මනට ඔප්පගෙ පිටිපස්සට ගිහින් හිට ගත්තෙ එයාගේ අතකිනුත් අල්ලන්. ඒ තරමට මම එයාට බයයි.

👹'' මගේ කෙල්ල ගොඩ කාලෙකින් එන්න සමොච්චන් ලඟට ''

🦨'' මෙහෙ එන්න දරුවො.. ඇයි මේ බය වෙලා.. මොකද ළමයෝ බය වෙලා වගේ අපි මේ සුබ දෙයක් කතා කරන්නනේ ආවේ නේද ඩාලින්... අපි හදා ගත්ත අවජතකයන්ට මොනවා උනත් කන්න දුන්නා නේ ටික කාලයක්.... ''

🐺'' කෙලින්ම කියන්න මිස්ටර්... ඇයි ආවෙ... ''

👹'' සනාට proposal එකක් ආවා.. අපේ business partner කෙනෙක්ගෙන්.. එයාගෙ නම බෝගම්.. සල්ලි කන්දක්.. සනා දුව කැමති නේ හොදට රැජිනක් වගේ ජීවත් වෙන්න නේද... ''

මොනවද මේ කියන්නෙ මට මැරි කරන්න බෑ...

🐺🌷'' මොකක් .... ''

🌷'' අනේ.... ඔප්පා...😢 ''
මං ජීවිතේ මෙච්චර බය වෙලාම නැතුව ඇති ......ඉස්සර උන දේවල් ආයේ ආයේ වෙනවා වගේ මට මැවිලා පේනවා.... මට බෑ ගෙයක් ඇතුලෙ හිර වෙන්න... අනේ ඔප්ප ඔයාව ඕනිම වෙලාව🥺🥺 මට බයයි....

🐺'' පිස්සු හැදිල ද තමුන් හිතනවද මගේ නංගිව මේ කොහේවත් යන එකෙක්ට දෙයි කියලා දුක් විදින්න.... තමුන් ඔය වගේ කතාවක් කිව්වේ කොහොමද මිනිහෝ... 😡 ''

👹'' මේ වගේ ලස්සන ඇගක් තියාගෙන ඒ කොල්ලට බෑ කියන හැටි බලන්න කෝ.. නේද ඩාලින්.. ''
මං දිහා බලලා හරි අමුතුවට ඒක කිව්වා.

🐺'' තමුන්ල කොහොම මගේ ගෙදරට ඇවිත් මගේ නංගිට කරද කරන්නේ... දැන්ම එළියට යන්න... මං පොලිසියට කෝල් කලින් ''
වෙඩින් එකට ලෑස්ති වෙන්න කියල එයාලා දෙන්න ගියෙ මගෙ බය වැඩි කරල. ඉක්මනට වොෂ් රූම් එකට දිව්වා. මං වොෂ් රූම් එකට වෙලා අඩ අඩ ඉද්දී ඔප්පා වොෂ් රූම් එකේ දොර ඇර ආවා.....

🌷'' ඔප්පා....ම...මට බෑ.... බදින්න එයාව....අනේ.... ''
ඉකි ගගහ ලීසූක්ව දැකලා මං ඇඩුව.....

🐺'' ඔක්කොම හරියයි හරිද මං ඉන්නවා නේ...ම්ම්ම්.... මං ඔයාට මුකුත් වෙන්න දෙන්නේ නෑ....හරිද....ඒ යකාට ගෙදරට ආයේ අඩියක් තියන්න දෙන්නේ නෑ මං.... ''

🌷'' මට බයයි ඔප්පා.. ''

🐺'' මෙන්න මගේ චණ්ඩි කෙල්ල බය වෙලා...බය වෙන්න එපා මං ඉන්නවා නේ මගේ කෙල්ලට.... හරිද  ''
මාව එහෙම ඔප්පා මාව එක්කගෙන ගිහිල්ල කෑම එකකුත් බෙදන් ඇවිත් මට දුන්නා.... මං ඒ ඔක්කොම කනකන් එයා බලන් හිටියා විතරයි.. පස්සේ එයා මට නින්ද යනකන් හිටියා.

.
.
.
.
.

Jungkook POV

මම උදේ සුකීව ගෙදර දාලා hybe එකට ගියෙ එහෙන් TXT ලගෙ උදව්වට එන්න කියල පනිවිඩයක් දීපු නිසා. රෑ වෙලා practice ඉවර කරලා ගෙදර එද්දි ගෙදරම රණ්ඩු වෙනවා. යුන්ගි හොබී දෙන්න සුකීව නිදි කරවන්න හදනවා වගේ. ඒ අස්සෙ ජින් හියෝන් ටේහ්‍යුංට කෑ ගහනව.

🐹'' ටේ හියෝන්.. පහලට එනව නිවාඩු දවසෙම පෝන් එකේ.. ඔය ගුහාවෙන් එලියට ඇවිත් සමාජෙ ගැනත් හොදට හොයල බලනවා...... ''

🐱'' ඔය මිනිහාට කිව්වට වැඩක් නෑ බං ජිනෝ.. ඕකා පහලට එන්නෙ කෑම කන්න විතරයි.... ''

🐹'' ටේ දැම්ම ම පහලට එනව.. අපි යන්න ඕන... ''

🐯'' හියෝන් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න.. අද මම ගෙදර යන්නෙ නෑ... ''
බඩු ටිකත් අරගෙන පහලට එන ගමන් ටේහ්‍යුං කිව්වෙ කවුරුත් දිහා නොබලා.

🐰'' අද හැමෝම මෙහෙ ආවද.. ජින් හියෝන් මට කිව්වෙ නැත්තෙ මොකද... ''

🐹'' මේ ආවෙ අනිකා.. තමුසෙ අද බිව්වද... ජන්කුක්.. ''

🐰'' නෑ.. ඇයි.. මහන්සියට බියර් එකක් ගත්තා.. එච්චර තමා... ඔයාලා යනව ද... ''

🐨'' ඔව් පොඩ්ඩො.. හෙට ඉදලා practice වැටුනා.. ආයෙ දවසක එන්නං කෝ.. පරිස්සමට ඉන්න.. ඔයාට නිවාඩු නිසා එලියට යන්න එපා.. ඕන කරන දෙයක් සේජීන් ගෙනත් දෙයි.. ''
හැමෝම ගියාට පස්සෙ වොෂ් එකක් දාගෙන මං ගියෙ සුකීගෙ කාමරේට.. කෙල්ලට හොදටම නින්ද ගිහිල්ල..

🐰'' ඔයා කීකරු ඩොක්ට සනාට නේද මැණික.. ඔයා මටත් වැඩිය එයාට ආදරෙයි නේ.. ඒකනේ එදා වගේ අදත් අතට ගත්ත ගමන් මගෙ හොර කෙල්ල නිදා ගත්තෙ.. ''

❄'' පුංචි බේබී රෑට කනවද.. මම කෑම ලෑස්ති කලා... ''
අන්ජුම්ම දොර ලගට ඇවිත් අහද්දි මම ඇතුලෙ ඉදන් ම කතා කලා

🐰'' මං කන්නං... අන්ජුම්ම නිදාගන්න.. ''

මම කොහොමද හිත හදාගෙන ඔයාට ඔම්ම කෙනෙක් ගෙනත් දෙන්නෙ සුකී.. එයා ඔයාට ආදරේ නොදුන්නොත්.. ඔයාට රිද්දනව බලන්න මට බෑ.. මං ඔයාව කොහොම හරි බලා ගන්නවා සුකී.. ඔම්මගෙ අඩුව.. අඩු නොකර මං ඔයාව හදාගන්නං..

.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
To be continued.......♡

කතාව ගැන මොනව හරි කියාගෙන යන්න...

හැමදාම මේ වගේ ඩේලි අප්ඩේට් කරන්න නම් බැරි වෙයි... පුලුවන් වෙලාවට ලියලා දෙනවා...😌💜


You are reading the story above: TeenFic.Net