හයවෙනි පරිච්ඡේදය

Background color
Font
Font size
Line height

මගෙ ඇස් පියවෙලා ගියා...

...............................................................

හැබැයි ඊට එක තප්පරේකට කලින් මට ඇහුනෙ,

"ඒයි ඒයි!!"

මාව බිමට වැටෙනවා වගේ හැඟීමක් එක්ක ආයම ටිකකින් මට මාව අල්ලගන්නව වගේ හැඟීමක් දැනුන.

"අ-අනේ.. සුදු අයියෙ.. කෝ මං ආව ඇස් අරින්-"

මගෙ ඇස් එකට් ඇළුනා. ඔව් මගෙ ඇස් පිහාටු ඇළිලම ගියා...





Desh pov..

"මට ඇත්ත කියපන් දේශ්..!"

"හරි දැන් උඹට මොනාද දැනගන්න ඕන කියපන්"

"මට කියපන් උඹ දැන් ඔය අපෙ විශ්මික අයියට සිරාවටමද කැමති නැත්තන්..."

"පිස්සුද හුත්තො මං සුදු අයියට සිරාවටම ආදරෙයි."

"පොඩ්ඩක් ඉඳපන්.. ආදරෙයි?"

"ම්ම්.."

"යෝ කොල්ලො උඹගෙ කටින් ඔය වචනෙ පිටවුනාමයි. කොච්චර නැටුවත් උඹ ඔහොම කියල නෑ ඕයි. ගැම්මක් තමා."

කෙවිනා මගෙ කරට පනිද්දි මම ඌව වත්තම් කරගත්තා උනත් එක විනාඩියෙන් අපි දෙන්නගෙම හිනාව නැතිවෙලා ගියෙ පාර අයිනෙ වෑන් එකකින් බැස්ස සෙට් එකක් 'මගෙ' ඉශිර අයියව වට කරන් ඉන්නව දැකල.

"ඕයි කෙවින්! අර කව්ද බං''

"අනේ මංද යාලුවෙක්වත්ද?"

"පිස්සුද පකෝ ඉශිර අයිය ඉන්න හැටියට ඔයවගේ උන් ආශ්‍රේ කරනව කියල හිතන්න බෑ.. බලමුද ගිහින්?"

"පොඩ්ඩක් ඉඳපන් කේස් එකක් වගේ නං පයිමු."

කෙවින් කියද්දි මගෙ හිත කිව්වෙම අනේ එතනට පලයන් පලයන් කියලා වෙද්දි මං උගෙ අත කිටි කිටියටම මිරිකගත්තා.. නෑ නෑ කිසිම හොඳක් නෑ. උන් හදන්නෙ 'මගෙ' අයියව අරන් යන්ඩ. වෑන් එක ඇතුලෙන් දොරක් ඇරිලා තුන් හතර දෙනෙක්ම එළියට බහිද්දි කෙවිනා මගෙ කනට පාත් උනා.

"මෙතන වෙන්න යන්න හොඳ දෙයක් නෙමෙයි. මොකද කරන්නෙ?"

"යකෝ ඌ මං ආදරේ කරන එකා. පොන්නයෙක් වගේ මං දුවන්නෑ හුත්තො. මරාගන මැරෙනව. එනව නම් වරෙන්"

ඌටත් බැනල උගෙ අත ගසල දැම්ම මම ඉශිර අයියගෙ නහයට ලේන්සුවක් තද කරනවත් එක්කම කෑගැහුවා. එතනට දිව්වා.

"ඒයි ඒයි...!"

මං කිව්ව එක මට ඩබල් වෙලා ඇහෙද්දි මං පිටිපස්ස බැලුවා.. කෙවින්! සිහියත් අසිහියත් අතර හිටපු මගෙ ස්නේහව උන් අතාරිද්දි උන් ඉක්මනට වෑන් එකට නැගල රේස් කරල එතනින් යන්න ගියෙ මට මෙලෝ සිහියක් නැතුව එයා ගාවට දිවවෙද්දි.

ස්නේහ අයිය බිමට වැටෙනවත් එක්කම මං එයාව වත්තම් කරගත්තා..

"අනේ- ස්-සුදු අයියෙ.. ම්-මං ආව නැකිටින්නකො අ-අයියෙ. අනේ ම්-මගෙ ස්නේහ අයියෙ.."

බෑ මට ගොත ගැහෙනවා. නහයට අල්ලපු එකේ සැර බහිනකල් එයා නැකිටින්නෙ නෑ කියල දැන දැන උනත් මං දිගටම එයාව හොළව හොළව කතා කරා..

"ඩියෝල්! ඩියෝල් පොඩ්ඩක් කාම් ඩව්න් වෙයන්!"

කෙවිනා මාව හොළවනවා. ඒ උනත් මගෙ ආදරේ මෙහෙම ඉද්දි මට කෝ සිහියක්? මට කෝ වෙන දේවල් ගැන හිතන්න සිහියක්..

"උඹත් පලයන් හුත්තෝ! මං ක්-කිව්ව වෙලේ අපිට එන්න තිබ්බා.."

කඳුළු වැක්කෙරෙද්දි මං ස්නේහ අයියව බදාගෙන එතනම ඉඳගන උන්නා..

"මේ අහපන්! එක්කො අපි අයියව ගෙදට්ට ගිහින් දාමු? නැත්තන් උඹලෑ එහෙ අරන් යමන්..නැත්තන් උඹලගෙ ඩැඩාට කෝල් කරල හොස්පිට්ල් එකකින් රූම් එකක් බුක් කරෝගමු.."

"මොනව හරි කරපන් කෙවින් අනේ මගෙ රත්තරන්"

පියවෙලා තිබ්බ ඇස්, හැමවෙලේම නිවිල තියන මූණ එයා හරිම සන්සුන් මනුස්සයෙක්... උඹ අහිංසක වැඩී අයියෙ. ඔච්චර අහිංසක වෙන්න එපානෙ.

කෙවින් බෑග් එකෙන් ෆෝන් එක අරන් ඩැඩාට කතා කරනව ඇහුනා. 'නවලෝකෙ' ඩැඩාගෙ හොස්පිට්ල් එක. ඩැඩා ඩොක්ට කෙනෙක් නම් නෙමේ ඒත් ඒක එයාගෙ. විනාඩියට අපෙ ඩැඩාගෙ වාහනෙකුත් ඇවිත් අපි ගාවින් නවත්තද්දි මං අයිය එක්කම ඇතුළට නැග්ගා.

සමහරවිට අයියට හානියක් නැතුව ඇති. මං සාධාරනයි නේද? ආදරේ කරන කෙනාට, ඒකත් මුළු හදවතිම්ම ආදරේ කරන කෙනාට කරදරයක් උනාම හැමෝටම වඩා එයා කලබල වෙන එක සාධාරණයි නේද?

"ඩැඩාගෙ හොස්පිට්ල් එකට.."

.......................................................................

Sneha pov

"ප්‍රශ්නයක් නෑ දරුවෝ බොරුවට කලබල වෙලා තියෙන්නෙ. එයා හොඳින්. සිහිය නැති වෙලා විතරයි.."

"ශුවර්ද අංකල් මං අහ-"

"හරි හරි අංකල් තැන්කිව් මේ පගාට පිස්සු..."

ඒසී සුවඳ් නහයට දැනෙද්දි පිච්ච සුවඳ එයා ෆ්‍රෙශ්නර් එකක සුවඳත් නහය හරහා ගියා. ඊටත් හපන් මට සේරම සුවඳවල් කපාගන අර පොඩි නසරාණියාගෙ පර්ෆියුම් සුවඳ ආවා.

දෙයියනෙ අන්තිමට මට මතක තිබ්බෙ මගෙ නහයට රෙදි කෑල්ලක් තියනවා වෙද්දි මෙච්චර වෙලා ඇලිලාවගේ තිබුන ඇස් ඇරුන.

"අන්න උඹෙ සුදු අයිය නැකිටලා."

මං ඇස් අරිනව දැකපු කෙවින් දේශ්ට එයාගෙ සුදු අයිය නැගිටලා කියද්දි මං ඇස් අමාරුවෙන් කරකෝලා බැලුවෙ කවුද එයාගෙ සුදු අයිය කියල උනත් මට වැඩි වෙලා නිදහසේ ඉන්න උනේ නෑ. දොරත් ඇරන් ආව කෙනා දැක්කම ඇත්තටම මට සුදු කොඩි පෙනුනා.

ඒ කටහඬේ සැරට මාව ගැස්සෙනවත් එක්කම මං බලාගන දේශ් මල්ලි කෙවින් මල්ලී සෝෆ එකෙනුත් බිමට රූටනවා..

"ස්නේහ මාධව්!"

"අ-අප්-අප්පච්චි...''

අප්පච්චි! ඒ ඇවිත් හිටියෙ අප්පච්චි. මාසයක්ම කෑම්ප් එකේ ඉන්න හිතන් ගියපු අප්පච්චි. අප්පච්චි දැනගන ඇවිත්ද? ඔව් මෙතන ඉන්න විදිහක් නෑනෙ නැත්තන්. අප්පච්චි බර අඩි තිය තිය මං ගාවට එද්දි අනේ ඇඳේ තාමත් පණ නැතුව නිදන් උන්න මට ගෙදර වගේ පස්සෙන් පස්සට ගිහින් බිත්තියට ඇලෙන්නවත් බැරුවගියා.

"උඹ පොන්නයෙක් වගේ ගුටිකාලා ඇඳේ වැටිලා ඉන්නවද ස්නේහ ආ? උඹ කොල්ලෙක්ද? උඹ මගෙ පුතාද නැත්තන් ගෑනියක්ද ආ"

අප්පච්චිගෙ කටහඬටහොස්පිට්ල් රූම් එක දෙදරලාම යද්දි මං අප්පච්චි දිහා බලන් හිටියා. අප්පච්චි ළඟට ඇවිත් කටුවට ගහල තිබ්බ මගෙ අත ඇතුළෙ කටුව චිරිස් ගාලා ඇනිලා එලියට ලේ විදිනවත් එක්කම මං දැක්කෙ අප්පච්චිට පිටිපස්සෙන් ඊට නොදෙවනි බැල්මක් දාන් ඉන්න අම්මා...

"අංකල්!"

දේශ් කෑගැහුව. මං දේශ් දිහා බලද්දි එයාගෙ ඇස් රත ගහලා තිබ්බා වගේම අත් වල ඇඟිලි එකට මිරිකිලා තිබ්බා.. ඒ ඇස් තිබුනෙ ලේ එන මගෙ අත දිහා වෙද්දි අත දිහා බලපු එයා අප්පච්චි දිහා බැලුවා.

"තමුන්?"

"මට දේශ් කියන්න අංකල්. අංකල් අයිය දහ පහළොස් දෙනෙක් එක්ක කොහොම ගහගන්නද අංකල්. අනික අයිය පුළුවන් උපරිම බේරෙන්න හැඳුවා. අංකල් කියනවා වගේ අයිය ගෑනියෙක් නෙමෙයි.. ලෙඩ ඇඳේ වැටිලා ඉන්න මනුස්සයෙක්ට කොහොමද කතා කරන්නෙ අංකල්. හමුදාවෙ උනාට අංකල් හෙනම ගොංනෙ අංකල්. මෙච්චර හරියක් වෙලා තියන ළමයට ඔහොම කතා කරනවද?"

අප්පච්චි නම අහද්දි එයා නමේ වාසගම කියයිද කියල හිතල එකපාට්ට ඇඟේ හිරියක් ගියත් නමේ වාසගම නොකියා දේශ් කියද්දි මට හුස්මක් පාතට වැටුන. ඒත් ඊගාවට දේශ් අප්පච්චි කියලා නොබලා අප්පච්චිට කටගහන් යද්දි මට නියුමෝනියාවටම ආවා. දෙයියනෙ මට ඇති ලෙඩක් නෑ මාව ගිහින් දාපියව් කියන්න හිතුනත් මං කාගන හිටියා. තාම අර නහයට තියපු එකේ සැර ඇඟේ තියනව. මගෙ ඇසුත් බීපු මනුස්සයෙක් වගේ බාගෙට ඇරිල තියෙන්නෙ ඇත්තෙ.

"තමුන් වැඩිහිටියන්ට ඔහොමද කතා කරන්නෙ?"

"අංකල් ඔහොමද තමන්ගෙ දරුවට කතා කරන්නෙ?"

තාත්තා දත්මිටි කද්දි මං බලාගන මගෙ දේශ් පැත්තක ඉඳන් දත්මිටි කනවා..

"ස්නේහ! තමුන් දැන්ම ලෑස්ති වෙනවා ගෙදර යන්න. මං ගෙදර ගිහින් තමුන් ගැන බලාගන්නම්."

අප්පච්චි කියද්දි දේශ් මං දිහා බලල අප්පච්චි දිහා බැලුව... දෙයියනේ දැන් ඇති දේශ් මුකුත් කියන්න යන්න එපා කියාගන්න බැරිකමට මං අසරණ වෙලා ඒ දිහා බලන් හිටියා.. අනේ එපා කියන්න වගේ බැල්මක් මගෙ මූණෙ තිබ්බත් දේශ් ආපහු කට ඇරියා..

"අංකල් එයාව ගෙනාවෙ මම! භාරකාරයාට අත්සන් කළෙත් මම. අංකල් ගෙදර යන්න මම අයියව ගෙනල්ලා දාන්නම්. අංකල්ටයි ආන්ටිටයි මම කිව්වෙ වගකීමක් වශයෙන් මිසක් මෙතන ගෙන්නගෙන බෙරිහන් දෙන්න නෙමෙයි"

අප්පච්චි එතන තිබුන වීදුරු මල් පෝච්චියක් පොළවෙ ගැහුවා.. එයාවත් වෙව්ලනව මෙයාවත් වෙව්ලනවා. ඒ ඇස් වල දෙයක් ලියවෙලා තියනවා. මං කතා කරන්නෙ අප්පච්චි ගැන නෙමෙයි. දේශ් ගැන. අප්පච්චි කියන මාරයාගෙන් මාව බේරගන්න හදන දේශ් ගැන. ඒ ඇස් මං දිහා බලද්දි අසරණ උනා වගේම මට අප්පච්චි බනිද්දි තරහෙන් රතු උනා.

"ස්නේහ අයියගෙ අප්පච්චිට අනුන්ගේ තැන් වලට ඇවිත් වැදගත් විදිහට ඉන්න බෑ වගේ?"

කට කොණකින් හිනා වෙන ගමන් දේශ් සෝෆා එකෙන් ඉඳගත්තා. අප්පච්චි තාම හිටගෙන.

"තමුන්ට ඒවගෙන් ප්‍රශ්නයක් නෑනෙ. බිල් එක සෙට්ල් කරද්දි මං ඒකත් ගෙවන්නම්. ඔය ළමයා ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ.".

"බිල් එක ගැන කරදර වෙන්න එපා ස්නේහ අයියගෙ අ|ප්|ප|ච්|චි... ඒක මං සෙට්ල් කරා. අප්පච්චි දැන් යන්න. මම අයියව එක්කන් එන්නම්."

දඩස්

තවත් මුකුත්ම කියාගන්න බැරුව ගිය අප්පච්චි දොරත් මහ සද්දෙට වහන් යද්දි. අප්පච්චි යනවත් එක්කම නැගිට්ටවෙලා ඉඳපු කෙවින් එහෙම්ම සෝෆා එකට වැටෙද්දි දේශ් අඩියට දෙකට මං ගාවට දුවන් ආවා.. කේන්තියෙන් රතු වෙලා තිබ්බ ඇස් දැන් කඳුළු වලින් පිරිල ගිහින් තිබ්බ.

"සුදු අයියෙ අනෙ රි-රිදෙනවද?"

දේශ් ඇවිත් කෙලින්ම කටුවෙන් ගැළවෙච්ච මගෙ අත අල්ලන් ලේ ටික උරවලා දැම්මා.. මෙච්චර වෙලා අප්පච්චි එක්ක චණ්ඩියෙක් වගේ කියෝපු එයා මං ළඟ දරුවෙක් වගේ වෙච්ච හැටි දැකල මට පුදුම හිතුන...

"ස්-සුදු අයියෙ අනේ ක්-කතා කරන්නකො.. ක්-කොහෙහරි රිදෙනවද?"

ඇඬිල වැඩි වෙලා අනේ මගෙ පොඩි එකාට හුස්ම හිර වෙවී ගොත ගැහෙද්දි මං කෙළින් වෙලා ඉඳගන ඉක්මනට එයාගෙ අත තද කරලම අල්ලගත්තා..අනික් අතින් මං ඇස්වලින් බේරෙන කඳුළු පල්ලම් බහින කම්මුල් අල්ලගද්දි අනේ ඒකගෙ ඇස් වලින් තව කඳුළු පෝලිමක් වැටිලා මගෙ ඇඟිලිතුඩු පවා සීතල වෙලා ගියා..

"කෝ..කෝ දේශ් මෙහෙ බලන්න.."

"ඇයි මේ අඬන්නෙ ම්ම්.."

"නාඬා ඉන්න දේශ්... කෝ මේ බලන්න පොඩ්ඩෝ අඬන්න එපා මං හොඳින් බලන්නකො මේ ලේ එන්නෙත් නෑ.."

වචන දහයකට වඩා කතා නොකරන මම ඉකි ගගහා අඬන එයාව නළවගන්න වචන ගානක් එලියට දැම්මා...

"කෝ චූටි මැනිකෙ මේ.. මේ බලන්නකො මං හොඳින් නෙ.. ඇයි මේ අපෙ නොසන්ඩාලයා අඬන්නෙ ම්ම්.. අපි දන්නෑ හූ කියයි ඔයාට.."

කම්මුලක් මිරිකලා මං කියද්දි එයා හිනා උනා.. අම්මෝ ඇති..

"අනේ හුත්ත මේ උඹල දෙන්න ලව් කරපන් තනිකඩ මාව ගාවගන්නැතුව. මට තමා මොකෙක්වත් නැත්තෙ කමන්නෑ මං යනව!"

කෙවින් මල්ලි බැනල මේසෙටත් පයින් එකක් ගහන් එලියට ගියෙ දෙවනි පාරටත් දොර ඩෝං ගාලා වැහිලා යද්දි..

"ස්නේහ අයියෙ.."

"ම්න්.."

කෙවින් යනවත් එක්කම අපිට දැනුන අපහසුවට මං අත එහාට ගද්දි එයත් ඇඳේ පැත්තකින් ඉඳගත්තා...

"අයියෙ ඔයාලගෙ අප්පච්චී..."

"එයා එහෙම තමයි.."

"අයියට ගෙදර යන්න පුලුවන්ද අද බැයිනම්-"

"නෑ නෑ දේශ් මම යන්න ඕනා.. තැන්කිව් මාව ගෙනියන්න නොදී ආවට එතනට."

"අපි එක්ක යමු අයියෙ.."

........................................................................

හොස්පිට්ල් එකේ ඉඳන් ගෙදරට එනකල්ම වාහනේ ඇතුළෙ කිසිම සද්දයක් තිබ්බෙ නෑ. දේශ්ට වැරද්දක් කියන්න බෑ ඒ ළමයා කරේ කරන්න තියන හොඳම දේ.. වාහනේ ඇවිත් ගේට් එක ගාවින් නවත්තද්දිත් මට බහින්න හිතක් නොතිබ්බත් මං බැස්සා.. මං දන්නව දැන් ගියාම සේරටම තියන තරහා යන්නෙ මං පිටින්..

"මං යන්නම්!"

"අයියෙ"..

යන්නම් කියලා හැරුණ මම ආපහු අනික් පැත්තට හැරුනෙ දේශ් කතා කරනව ඇහිලා..

"සුදු අයියා ගිහින් එන්නම් කියන්න අයියෙ.."

"ගිහින් එන්නම්"

කට දෙපැත්තට ඇදලා හිනා වෙච්ච මම ගේට් එකෙන් ඇතුළට යද්දි කාර් එකත් යනව ඇහුන. දැන් තියෙන්නෙ ගුටිකන්න... මං ගේ ඇතුළට අඩිය තියද්දිම මට ඇහුනෙ අප්පච්චිගෙ කටහඬ වෙද්දි මං දැනටමත් අපායෙ යම රජ්ජුරුවෝ වගේ මං දිහා බලන් ඉඳපු අප්පච්චි දිහාට හැරුනා.

"ස්නේහ!"

"අ..ප්පච්චි.."

"උඹට මම කියලා තියනව නේද කරදරයක් වෙන වෙලාවට ගෑනියෙක් වගේ මුළු ගැහෙන්න එපා කියලා ආ?.. ඒ මදිවට උඹ කවුද උඹෙ අලුත් යාලුවට කියල මාව නෝන්ඩි කරවන්න ආ? මොකද්ද උගෙ වාසගම ම්ම්.. වැදගත් තත්වෙට ගැළපෙන නම් ආශ්‍රේ කරපන් කියල කියලා තියනවා නේද? ශුවර් එකටම සුද්දෙක්ගෙන් ජාතක වෙච්ච අවජාතක හැත්තක් වෙන්න ඇති.."

අප්පච්චි කියවන් යද්දි මං අත් ගුලි කරන් අප්පච්චි කියන දේ අහන් හිටියා..

"අප්..."

"කට වහපන්. උඹ මං කතා කරද්දි කතා කරනවද?ආ පො#යො"

කනට අහන්න බැරි තරම් කුණුහර්ප වපුර වපුර මට බනින අප්පච්චි දිහා මං බලන් හිටියා.. මොකක් හරි හේතුවකට වෙනදට දෙක බනිනකොට ඇඬෙන මට අද ඇඬුනෙ නෑ වගේම අප්පච්චිට ඒකටත් තරහා ගියා.

"ඈ බොල පරයෝ. උඹගෙ අර යාලුවගෙ හයිය අරන්ද උඹ ඔහොම ඉන්නෙ ආ?"

අප්පච්චිගෙ පළවෙනි පාර මගෙ කම්මුලට වදිනකොට ඇඟේ හයිය තිබ්බ මම විසි නොවී එහෙම්ම බිම බලන් හිටියා.. අම්මා දැනටමත් ඉඳගන ඔහේ බලන් හිටියා වගේම අක්කා කාමරේ දොර ඩෝං ගාලා ඇරල වහන් දුවගන එන සද්දෙ මට ඇහුන..

අප්පච්චි ඊගාවට ගළෝලා ගත්තෙ බෙල්ට් එක වෙද්දි මං ඕන තරන් ගුටිකන්න කියල හිතන් ඇස් වහගත්තා උනත්..

"අනේ අප්පච්චි එපා අප්ප්ච්චි මල්ලි පොඩී අප්පච්චි.."

අක්කා!

හැමදාම මාව බේරගන්න මම බේර නොගන්න මගෙ අක්කා...

"තෝ පල වේ# අහකට. හැමදාම මං උඹටත් කියනව. ඊගාවට උඹෙ මගුල මම විසඳන්නෙ.. ඊගාවට උඹෙ මගුල.. හිටපන්. එකම ජාතියෙ වේ# එක්ක හැමිනෙන ලැජ්ජ නැති එකි.."

මට ගහන්න ආව පාර අක්කගෙ ඇඟේ වදිනකොට අක්ක අනේ එපා කියන් මාව වහගත්තා.. ඒ පාර අක්කගෙ අතේ වැදිලා අනේ මං බලාගන තාත්තගෙන් කලින් ගුටිකාපු පාරවල් හොඳවෙන ගමන් තිබුන තැනක් ආයම පැලිලා යනවා.

අප්පච්චි අක්කා ඇඳලා පැත්තකට විසි කරල දාලා තරහ නිවෙනකල්ම මට ගැහුවා... එකපාරක් දෙපාරක් නෙමෙයි. ලෙදර් වලින් හදපු බෙල්ට් එක පැලෙනකල්ම ගැහුවා.. මගෙ තොලකට පුපුරනකල්ම ගැහුවා... අතපය පුපුරලා ලේ එනකල්ම ගැහුවා වෙද්දි අනේ අක්කත් අඬ අඬම මාව බේරගන්න ඇවිත් මට වැදෙන්න ගිය පාරවල් ගානක් කාගත්තා වෙද්දි අන්තිමට සාලෙ මැද්දෙ මාව වැටෙනවත් එක්කම අප්පච්චි යන්න ගියා.. අම්මත් ගියා... අක්කාත්... නෑ අක්කා මං ගාවට ආවා..

"අනේ රත්තරනෙ.."

කඳුළු පුරවන් අක්කා කතා කරද්දි මං හිනා උනා.. සමාවෙයන් අක්කෙ මං මෙච්චර කාලයක් ආත්මාර්තකාමී උනා...

"රත්තරන් උඹට රිදෙනවද? දෙවියනේ මගෙ කොල්ලා.."

මගෙ තුවාල අතගගා අඬන අක්ක දිහා බලන් අනේ මං සියදහස් වතාවක් හිතින් සමාවගත්තා..

"නැගිටින්නකො රත්තරන්.. වොශ් එකක් දාගන්නකො මම එන්නම්.."

අක්කා මගෙ කට කොණෙන් ගලන ලේ පිහිදාන ගමන් මාව නැගිට්ටුවා.. හැබැයි මගෙ අක්කට අමතක උනා එයාගෙ මූණෙ ලේ පිහාගන්න, එයාගෙ අතපය තුවාල වුනා කියන්න.. මං ඔහේ කාමරේට ඇවිත් බෑග් එකේ පොත් එලියෙන් තියලා වොශ් රූම් එකට රිංගගත්තෙ ෆෝන් එකත් චාජ් වෙන්න ගහගන.. දේශ් ගියාද දන්නෑ.. පණ්ඩිත හුරතලේ...

ගුටිකාපු මට හිනාවක් එද්දි මං ශවර් එක ඇරියා.. පැලුන පාරවල් රිදෙනවා.. මං නාගන එහෙම්ම ශෝටක් දාන් එලියට ආවා... අනේ ඒ එද්දි අක්කා ඉන්නව බත් පිඟානකුත් අතේ තියන්.. ඊට එහාපැත්තෙන් ෆස්ටේඩ් බොක්ස් එක පවා තියෙද්දි මං අක්ක දිහා බැලුවා. ලේ උඩින් පිහාගන තුවාල වලට බෙහෙත් දාන් නෑ..

"පව්.."

අක්ක මට එහාපැත්තෙන් ඉඳගන්න කියලා කියද්දි මං මගෙ ඇඳේ ඉඳගත්තා..

"අක්කා කාලද?"

මං කතා කරා.. මං මේ අක්කා එක්ක කතා කරේ ගොඩ කාලෙකට පස්සෙ කිව්වොත්? විශ්වාස කරනවද? විශ්වාස කරන්න මං මගෙ අක්කා එක්ක කතා කරේ ගොඩ කාලෙකින්. මගෙ අක්ක කෑවද ඇහුවෙ අවුරුදු ගානකින්. සමහරවිට අහලම නැතුව ඇති..

"ම්ම්.."

අක්ක අනලා කවන්න ගද්දි මමත් කෑවා.. සමහරු කියනවා අම්මා අපාච්චි අනලා කවද්දි රසයි කියලා.. මට ජීවිතේට අප්පච්චි කවලා නෑ.. අම්මත්.. අක්කා කවන කවන බත් කට මට පුදුමාකාර තරම් රහට දැනෙද්දි අනේ මං අන්තිමේ මුළු බත් එකම කාලා තිබ්බා..

පිඟාන පැත්තකින් තිබ්බ අක්කා බාත් රූම් එකෙන්ම අත හෝදන් මගෙ එහා පැත්තෙන් ඉඳන් තුවාල වලට බෙහෙත් දාන්න ගද්දි මං වේදනාව කාගන හිටියා. අනේ අක්කට ඇඬෙනවා..

මගෙ පොඩි එකා කියනවා...

මට නැතිවෙච්ච සහෝදර කැක්කුම උඹට කොහෙන්ද අක්කෙ?...

මං අක්කගෙ කඳුළු පිහිදාල හිනා වෙද්දි අක්කා අඬාගන මාව තුරුල් කරගත්තා.. මේ මං මගෙ අක්කට තුරුල් උන පලවෙනි පාර... ගෑනු පපුවක උණුහුම දැනුන පළවෙනි පාර.

ඊගාව විනාඩියෙ අක්කා නහය උඩට අදින ගමන් මගෙ තුවාල වලට බෙහෙත් දාලා තැල්මවල් වලට ක්‍රීම් එක ගාන ගමන් හිටියා..

ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං...

මගෙ ෆෝන් එක එක දිගට වදින්න ගද්දි මං ඒ දිහා බැලුවා.. ෆෝන් එක අතට අරන් වට්සැප් එක ඔන් කරා...

"දේශ්?"

අක්කත් මං දිහා බලද්දි මං මැසේජ් ඕපන් කරා. මැසේජ් පනස් එකක්.

Sudu ayiye?

Giyada oya?

Appachchi bannada?

Gahuwada ayiye?

Ayiya hodin neda?

Sudu aiye api awa

Sudu ayiye kawada?

Ko aiye oya

Habai oyata hirimak hari wela thibboth..

මැසේජ් කියෝපු මට හිනාවක් එද්දි අක්කා බෙහෙත් දාලා එයාත් උඩින් පල්ලෙන් බෙහෙත් ටිකක් ගාගන මගෙ ඔලුව අතගාලා කාමරෙන් යන්න ගියා..

මං ආය හැංගෙන්නෑ අක්කෙ.. මරාගන මැරෙනව මම අප්පච්චිව. ඒකරල උඹව පරිස්සම් කරනව. ටිකක් කල් දීපන් අක්කෙ මට මං උඹව මලක් කරනවා...

අක්ක යන දිහා බලන් ඉඳපු මම දේශ්ට රිප්ලයි කරා..

Mn kwa.

Nawa ekai wela giye.

මැසේජ් එක යවනවත් එක්කම ඒවා සීන් උනා.. තවත් මොනාද එයා එවනවත් එක්කම මං ඒ චැට් එක දිහාබලන් හිටියා.. දෙයියනේ පුදුම වේගෙකින් ටයිප් කරනවනෙ..

තුවාල පැල්ලම් තියන් හෙට ඉස්කෝලෙ යන්න ඕන කියල මතක් උනාම මට අව්ල් ගියත් මොකක්දෝ හේතුවකට මට හෙට ඉස්කෝලෙ යන්නම ඕන උනා..

______________________________________
ගිහින් එන්නම්. වචන දෙදාස් දෙසිය විසි පහක්😒මට මාන්සී...

ඔයාල හොඳින් ඉන්නවද?

කතාව කොහොමද..

වීසා ශුවර් නෑලු අනේ නීති හෙනට දාල මේපාර. ජුකයී😭


You are reading the story above: TeenFic.Net