4️⃣ Chapter 👅💥

Background color
Font
Font size
Line height

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


4️⃣ Chapter 👅💥


ඇත්තටම මං දැක්කේ හීනයක්ද කියලා හිතාගන්න බැරි උනා.. ඒ හිටියේ මගෙ පලමු හාදුවේ අයිතිකාරයා... ඔව් අද උදේ අපේ ක්ලාස් එකට ආව උස කොල්ලා සීන්...

ඒ වගේද ම්ම්ම්.... ඔව්ව් මං එයාගෙ හැමදේම දැක්කා... දැන් මං ඉන්නේ ඇස් නිලංකාර වෙලා... මොකක්ද යකූ ඒ වුනේ ??

" යිබෝ හොද සිහියට වරෙන් ! උබ මෙතනින් එලියට යන්න ඕනේ !! "


.
" කහ්ම්.... "

මගෙ යටිහිත කෑගහද්දී මං ආයෙ දොරේ ලොක් එක කැරකෙව්වේ පොඩ්ඩක් උගුර පාදන ගමන්.. 
නෑ.... කාමරේ කවුරුත් නෑ... සමහරවිට සීන් ඇදුමක් ඇදගෙන දුවන්න ඇති... නැත්තං බයවුන පාර ඇදුම් නැතුවම දිව්වද දන්නෙත් නෑ.....

මොනවා උනත් මිනිහාට අද හෙන අපලයි.. කොලේජ් එකට ආව ගමන් එකෙක් බිත්තියට හේත්තු කරන් ලිප්ස් කිස් කරා... ඊටපස්සෙ ඒකාගෙ ක්ලාස් එකේ ලගම පුටුවකට වැටුනා.. දැන් පාර්ටි එකකට ආවහම කාමරයක් ඇතුලදි ඒ යකාම ඇදුම් නැතුව සම්පූර්ණයෙන් දැක්කා...

මට ඉතින් ගොඩක් දේවල් හිතෙන ගමන් කාමරෙන් කලබලෙන් එලියට ඇවිත් පඩිපෙල බැහැගෙන ගියේ මෙහෙන් චුත වෙලා ඉක්මනට ‍යන්න ඕනෙ කියලා හිතන ගමන්.... ඒත් මං ගාඩ්න් එක දිහාට ඇවිදන් යද්දී,,

" ඔව් කාමන්... මෙයාට බැට්මින්ටන් ප්‍රැක්ටිසස් යන්න ඕනෙලු... ඉතින් ලගම කෝච් කෙනෙක් ඉද්දි ආයෙ වෙන තැන් මොකටද? "

ලස්සන ක්‍රිස්ටල් ආන්ටිගෙ කටහඩ කනට මී පැණි වැක්කෙරෙනවා වගේ ඇහුනත් එයාගෙ අතේ එල්ලිලා බිම බලාගෙන හිටපු එකාව දැකලා මට හීන් දාඩිය දැම්මා....

" හත්තික්කේ සීන් කියන්නෙ ක්‍රිස්ටල් ආන්ටිගේ පුතාද? එතෝට.... එ..තෝ....ට !! Wtf යිබෝ !! "

මං එහෙමම ගල් ගැහිලා වගේ අඩි කිහිපයක් ඈතින් නැවතිලා හිටියෙ මට ඇත්තටම එතනට යන්න කකුල් එසෙවෙන්නෙ නැති වෙද්දී... මං හැදුවෙ සීන් මාව දැක්කේ නැති නිසා එතනින් මාරුවෙලා යන්න උනත්,,

" ගගා... ඔයාව මමා හෙව්වා... එනවාකො හලෝ "

බූරු ඩයිලන් කෑගැහුවෙ මමාගෙ වටේ හිටපු හැමෝම මගෙ දිහා හැරිලා බලද්දි... ඒ අතරේ සීන් ත් හිටියා... මාව දැක්කා විතරයි කොල්ලා ගැස්සිලා ගියා..

" යිබෝ එන්න... ඔයාට කෙනෙක්ව Introduce කරලා දෙන්න..."

මමා කියද්දී හැරෙන්න තිබ්බ අඩිය මං ආයෙ අරන් හිමින් ඔලුව වැනුවෙ කරකියාගන්න දෙයක් නැතුව... මමාට ඉතින් කොහොම කියන්නද මං සීන්ව හොදටම introduce කරගෙන ඉවරයි කියලා උඩ කාමරේදී..

මං ඉතින් ඩයිලන්ටත් රවන ගමන් මමා ගාවට ඇවිදන් ගියේ සීන් මං ලගට එනවා දැකලා බිම බලාගත්දි... ගාඩ්න් එකේ දාලා තිබ්බ ගෝල්ඩ් පාට බල්බ් වල එලියෙන් එයාගෙ මූණ රතු වෙලා තියෙනවා එයා දිහා හොරෙන් බලපු මං දැක්කා...

" යිබෝ මේ ඉන්නේ ක්‍රිස්ටල් ආන්ටිගේ පුතා ජාන්... මං හිතන්නේ ඔය දෙන්නා same age... "

මං ඉතින් ක්‍රිස්ටල් ආන්ටි දිහා බලන් මෝඩ හිනාවක් දාද්දි බිම බලන් හිටපු සීන්ගෙ අත් ආන්ටිගේ අත් ගොබ වල තද වෙවී බිම බලාගෙන ඉන්නවා දකිද්දී මට අනුකම්පාවකුත් දැනුනා...මොනවා උනත් අපි දෙන්නාම කොල්ලෝ උනත් මං එයාගෙ දේවල් දැකපු නිසා ලැජ්ජ ඇති...

" ජාන්... මිසිස් වන්ග් ගෙ පුතා යිබෝ.. බලන්න මේ අපේ Neighbors ලා... ඔයාගෙ වයසෙ කෙනෙක් ඉද්දි කොච්චර හොදද? ඔයාට ආශ්‍රය කරන්න යාලුවෙක් ඉන්නවා... අනික ඔයාලට එකට පාඩම් කරන්නත් පුළුවන් ! "

" ඕ.... ඕ මමා... "

සීන් හිමීට ඇස් උස්සලා මගෙ දිහා බැලුවෙ අර රතු උන මූණෙන්මයි... මං දන්නෑ.. කොලේජ් එකේදි දැක්කට වඩා අමුතු ලස්සනක් මං එයාගෙන් දැක්කා කැෂුවල් එකට... මං එසැනින්ම සීන්ට ඇහැක් ගහද්දි එයාගෙ ඇස්දෙක ලොකු උනා....

" ආන්ටි මං මෙයාව දන්නවා... අද අපේ ක්ලාස් එකට ආව අලුත් ලමයානෙහ් මේ... "

" ආහ් ඔව්ව්... පුතා ඔයා යන කොලේජ් එකේ තමයි.. මට අමතක උනා.. එකම ක්ලාස් එකේ නම් තවත් හොදයි නේද කාමෙන් ? "

ක්‍රිස්ටල් ආන්ටි හිනා වෙවී අහද්දී මමාත් ඔලුව වැනුවෙ ඒක තහවුරු කරන ගමන්... මොනවා උනත් ඒ කතාව ඇත්ත.. සීන්ව දකිද්දි දැන් මගෙ හිතට එන්නේ අමුතුම ෆන් එකක්... එයා අපිට  හොදට සවුත්තු කරන්න පුළුවන් ටයිප් එකේ කෙනෙක්...

.



.
මමා ක්‍රිස්ටල් ආන්ටි එක්ක කතා කර කර එහාට ඇවිදගෙන යද්දී ඩයිලනුත් මමාගෙ නැට්ට වගේ යද්දී සීන්, මම එතන අන්තිමට ඉතිරු උනා... මං එයා දිහා බලාගෙන හිටියේ කටකොනින් මගෙ සුපුරුදු හිනාව දාගෙන... එයා මගෙ දිහා ඇස්ලොකු කරන් බලාගෙන ඉද්දී මං සීන් ගාවට ලංවෙද්දී ඒ කලු බෝල ඇස් ටික් බෝල සයිස් උනා....

" තමුසෙ ලස්සනයි හැබැයි ! "

සීන්ගේ කන්පෙත්තට ලංවෙලා මං පහත් හඩින් කියලා ඇස් උස්සලා මූණ දිහා බලද්දී ටික වෙලාවක් මගෙ දිහා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා.. එක පාරටම කට ඇරිලා අත්දෙකෙන් වහගත්දි තමයි මට තේරුනේ මේකා ටියුබ් ලයිට් එකක් කියලා... මං ඉතින් උඩ කාමරේදි දැක්ක දේ ලස්සනයි කිව්වා... සරලයි..

" මොකෝ යකෙක් දැක්කා වගේ බලන් ඉන්නේ?"

"අ.... අ..නේ..හ් යිබෝ ! "

ඒ මූණෙ තිබ්බේ පින්සේන්ඩු බැල්මක්... ලැජ්ජාවටත් වඩා දැන් එයා බයවෙලා ඉන්නේ මං මේක හැමෝටම කියයි කියලාද කොහෙද....

"තමුසෙ මට බයද? "

මේකා දෙපැත්තට ඔලුව වැනුවා නෑ කියලා...

" මතකද අද උදේ ? ම්ම්ම්... රසයි හැබැයි..."

"අ.... අ..නේ..හ්........  "

" එහෙනම් බයවෙලා ඉන්නවා මට... මාව කේන්ති ගස්සලා අද උන දේවල් අනික් අය දැනගත්තොත් මට කරන්න දෙයක් නෑ....."

මට මගෙ නසරානි හිනාව දාලා ඒ මූණට එබිලා කියද්දි සීන් හිටියේ අඩන්න වගේ.... මරු හැබැයි මට හිනා යන්නත් ආවා.... මං එතනින් එන්න හදද්දිම සීන් එක පාරට මගෙ අතින් අල්ලද්දී මං හැරිලා බැලුවෙ රවාගෙන...

" මොකද ?? "

" ඔයා ඩිනර් ගත්තද? "

මගෙ දිහා බලාගෙන නිවිච්ච හඩකින් අහද්දී මට පුදුම හිතුනේ මං මෙච්චර දේවල් කරද්දී ඊටවඩා ඩිනර් එකක් ගැන හිතපු සීන් ගැන...



**************************

බුෆේ එක තිබ්බ තැනට මාව එක්කගෙන ආවේ සීන්.. ඩයිලන් මමා එක්ක කෑම කන්න ඇති කියලා මට හිතුනා... මොකද ඒකාට රෑ වෙන්න බෑ බඩගිනියි... බුෆේ එක ගාවට ඇවිත් කෑම දිහා මං ඇස් අරන් ගියේ සීන් මගෙ ලග හිටගෙන ඉද්දී....

" යිබෝ හරිනෙහ්... බෙදාගෙන කන්න "

" තමුසෙ කන්නේ නැද්ද ? "

මං නිකමට අහලා බැලුවෙ මට අනුකම්පා සහගත මූණක් දාගෙන හිටපු නිසා...

" ගෙස්ට්ලා මුලින්ම කන්න ඕනිනෙහ්... මං පස්සේ ක..."

" මටත් එක්ක ප්ලේට් දෙකකට බෙදන් එනවා.."

" ආහ්? "

" තමුසෙටත් එක්කම..."

මං එතනින් එහෙමම ආවේ සීන් මං කිව්වේ මොකක්ද කියලා බයවෙලා බලාගෙන ඉද්දී... මං දැන් මොනවා කිව්වත් ඒකා බෑ කියන්නෑ කියලා දන්න නිසා මගෙ මූණෙ ඇදුනේ නසරානි හිනාවක්...

අන්තිමට සීන් ප්ලේට් දෙකක් අරන් මං ඉදගෙන හිටපු පොඩි සමර් හට් එක දිහාට ඇවිදන් එනවා ඇස්කොනින් දකිද්දී මං ෆෝන් එක ඔබන්න ගත්තේ උස හාදයව ගණන් ගන්නේ නැතුව... මගෙ එහා පැත්තෙන් වාඩි උනේ එක ප්ලේට් එකක් මට ලං කරලා...

" යි...බො කන්න "

සීන් හිමින් කියද්දි මං ෆෝන් එකෙන් ඇස් මුදවන් ප්ලේට් එකේ ඇස් අරන් ගියා... සැර පාටට හදපු නූඩ්ල්ස් එක්ක චිකන්, ඉස්සෝ ඩෙවල්.... මං ඇස්කොනින් දැක්කේ මං මොනවාහරි කියයිද බලන්න සීන් මගෙ දිහාම බලාගෙන ඉන්නවා...

"ම....මං ඉස්සෝ කන්නෑ... "

" ඇයි ??? "

" මට ඇලජික් !! "

මං කිව්වේ ප්ලේට් එකේ තිබ්බ ඉස්සෝ දිහා අප්පිරියාවෙන් බලන ගමන්... සීන් ඉක්මනට එයාගෙ චොප්ස්ටික්ස් දෙකෙන් මගෙ ප්ලේට් එකේ තිබ්බ ලොකු ඉස්සෝ එයාගෙ ප්ලේට් එකට දාගත්තේ මොකක්ද යකෝ ඒ උනේ වගේ හිතාගන්න බැරුව මං බලාගෙන ඉද්දී...

ඒත් එක්කම මං නොහිතපු විදිහට එයා එයාගෙ ප්ලේට් එකේ තිබ්බ තන්දුරි චිකන් සේරම මගෙ ප්ලේට් එකට ගොඩ කරේ කිසිම ලෝබකමක් නැතුව.... මං ඒකා දිහා බැලුවෙ පුදුම වෙලා...

" මොකෝ මේ ? "

" දැන් සේම් නෙහ්... ඔයා චිකන් කන්න මං ඉස්සෝ කන්නම්...."

" පිස්සු !! තමුසෙගෙ ඇගේ හැටි බලනවා.. කෝට්ටක් වගේ.. හොදට ප්‍රෝටීන් අරන් ඇග හදාගන්නවා..."

මං කිව්වේ එයා මට දාපු චිකන් ටික ආපහු එයාගෙ ප්ලේට් එකටම දාන ගමන්.. එයා අවුලෙන් වගේ මගෙ දිහා බලාගෙන ඉන්නවා මං දැක්කත් මං චොප්ස්ටික්ස් දෙක අරන් පාඩුවෙ කන්න පටන්ගත්තා... 

සීන් චොප්ස්ටික්ස් දෙක අරන් හිමින් හිමින් කන්න පටන්ගත්දි මගෙ හොර හිත හිනා උනේ එයා කෙට්ටුයි කියලා මූණට කිව්වට කෙල්ලෙක්ට වත් නැති හැඩ ඇගක් ඇස් වලින් දැක්කට පින් දෙන ගමන්.....


**************************


ඩයිලන් එක්ක මමා මං ඉන්න පැත්තට ආවේ සීන් මගෙ ප්ලේට් එකත් අරගෙන එතනින් නැගිටලා ගියහම මං යැන් එක්ක කෝල් එකක ඉද්දී.. ඒ අස්සේ මං දැක්කෙ ඩයිලන් කට ඇරගෙන ඈනුම් යවනවා...

" යිබෝ.... "

" යැන් මං පස්සේ ගන්නම්.."

මමා ලගට ඇවිත් කතා කරද්දී මං කෝල් එක කට් කරලා නිදිමතේ ඉන්න ඩයිලන් දිහා බැලුවා... ෆෝන් එකෙන් වෙලාව බලද්දී 10.30 වෙලා තිබ්බා... එච්චර වෙලාවක් ගියාද කියලා හිතාගන්න බැරිවෙද්දි මං ෆෝන් එක සාක්කුවට දාගත්තා..

" ඔව් මමා... "

" යමු නේද... චූටි නිදිමතේ... මෙයාට කාපු ගමන් නිදිමතයි නෙහ් ඉතින්.."

මමා කියලා ඩයිලන් එක්ක ඉස්සර වෙද්දි මගෙ ඇස් හෙව්වේ සීන්ව... හතරවටේ බැලුවත් සීන් පේන්න නොහිටිද්දී මං මමාගෙ පිටිපස්සෙන් ඇවිදගෙන ගියා... අන්තිමට ක්‍රිස්ටල් ආන්ටිට සමුදෙන්න මමා නැවතිලා කතා කරද්දි මට ඇහුනේ අපේ දිහාට වේගෙන් එන අඩි සද්දයක්....

" යි...බො "

ඔව් ඒ සීන්.... හති දාගෙන ඇවිත් නැවතුනේ නිදිමතේ හිටපු ඩයිලන් ඇස් කරකවලා එයා දිහා බලද්දී....

" ඇයි ? "

" ඔයා අයිස්ක්‍රීම් කන්නේ නැද්ද? මං සමර් හට් එකට අරගෙනත් ආවා..."

" මට එපා... අපි දැන් යනවා..."

මං අහක බලාගත්තේ ඩයිලන් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලද්දී....

" ම්ම්... එහෙනම් මේක ගෙදර ගිහින් කන්න..."

මගෙ දිහා බලලා හීනි හිනාවක් දුන්න සීන් මගෙ අත්ල උඩින් චොක්ලට් එකක් තියලා ඇගිලි නවද්දී මං ඇස්ලොකු කරලා බැලුවෙ එයා දිහා... මං මුකුත් කියන්න කලින්ම එයා අත ඇදලා ගත්තා වගේම මගෙ මමා ආන්ටි එක්ක කතාව ඉවර කරලා අපි දිහා බැලුවා....

.



.
" ජාන් පුතේ ඔයාට ක්ලාස් තියන දවස් මං යිබෝ අතේ මතක් කරන්නම්.. ආෆ්ටර් කොලේජ් ඔයාට ප්‍රැක්ටිසස් වැටුනොත් ඒක මැනේජ් කරගන්න ටියුෂන් එක්ක..."

" හරි කාමන් ආන්ටි...."

මමා ඩයිලන් එක්ක ඉස්සර වෙද්දී මං චොක්ලට් එක කාටවත් නොපෙනෙන්ම මගෙ ඇගට කවර් කරගත්තේ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා.... මං සීන් දිහා නොබලා මමාගෙ පිටිපස්සෙන් ඇදෙද්දී මට ඇහුනේ ඒ හීනි කටහඩ....

" ගුඩ්නයිට් යිබෝ.... ස්වීට් ඩ්‍රීම්ස් ! "

උත්තරයක් නොදීම එයා දිහා නොබලාම මං ගේට් එකෙන් එලියට ආවේ මං යන දිහා තාමත් එයා බලාගෙන ඇති කියලා හිතාගන්න බැරි අමුතු සිතුවිල්ලකින් මගෙ හිත පිරිලා යද්දී......

ගෙදර ආව මං පඩිපෙල නැගලා කාමරේට ආවේ මිනි ෆ්‍රිජ් එකට චොක්ලට් එකත් දාගෙනම... මට ඒක කන්න නොහිතෙද්දී වොෂ් එකක් දාගෙන පිජාමා එක ඇදගෙන බාත්රූම් එකෙන් ආවේ මගෙ හිතට අමුතු බරක් දැනෙද්දී....

කාමරේ තිබ්බ ලී වලින් හදපු පැද්දෙන පුටුවට බර වෙලා ෆෝන් එක අතට අරන් weibo එකේ උඩට පහලට යද්දී මට හොයන්න හිතුන දේ එක්ක මට මං ගැනම ආවේ තරහක්...

" මං මොකටද ඒකාගෙ ඇක් එක හොයන්නේ !! "

මටම බැනගෙන ෆෝන් එක නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තියලා පොඩි බැල්කනි එකට යන බාගෙට ඇරිලා තිබ්බ වීදුරු ජනේලය ලගට ගියේ ඒක සම්පූර්ණයෙන් වහලා දාන්න... ඒත්,,

ඈතින් පේන සීන්ගෙ ගෙදර මගෙ කාමරේට පේන බැල්කනි එක ගාව ඉදන් කෙනෙක් වේගයෙන් අතුරුදහන් වෙලා ගියේ මං පුදුම වෙලා එබිකම් කරලා බලද්දී.....






.
~ Shawuu Liang 🍑✍🏻


               *********************

🖋 ක්‍රිස්ටල්, කාමෙන් කිව්වා වගේ යිබෝ-ජාන් ට අඹ යාලුවො වෙන්න පුළුවන් වෙයි 😌🙌


🖋 කාද ඒ බැල්කනි එකේ ඔත්තු බලන්න ඇත්තේ? 🥲😂



🖋 Vote, Comment 💚❤️


You are reading the story above: TeenFic.Net