4️⃣0️⃣ Chapter 👅💥

Background color
Font
Font size
Line height

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


4️⃣0️⃣ Chapter 👅💥







" අහ්හ්... ආහ්හ්හ්හ්හ්හ්හ්..... "




ආයෙ ඉතින් මං විතරක් තනියම නාන්නේ අහවල් එකටද.. මාව වැටුනහම බයවෙලා බලාගෙන හිටපු සීන්ගේ කකුලෙනුත් මං ඒ එක්කම ඇද්දා....





" ආහ්හ්හ්....... "




බැලන්ස් නැතුව ඒකාත් පූල් එකට වැටෙද්දි මහ හයියෙන් කෑගැහුවත් කටු කන එකා දුවගෙන ආවත් සීන්ව මගෙ අත්දෙක උඩට වැටිලා ඉවරයි.. ඔව් එයා වැටෙද්දිම මං දෝත බදලා අල්ලගත්තා..



මං එයාව බදාගෙන හිටියත් අපි දෙන්නාව ඔලුවෙ ඉදන් වතුරෙන් නෑවිලා යද්දි අනික් උන් කෑගහද්දි මං දැම්මේ කටකොනින් හිනාවක්.. මට දැනුනේ කුරීරු සතුටක්.. අඩුගානෙ මට එයාව අවුරුදු 3කට පස්සෙ බදාගන්න හරි ලැබුනා.



" අහ්ම්... අනෙ..හ්හ් "



කකුල් ගස ගසා සීන් දගලන ගමන් කෑගහද්දි මං තව තවත් එයාව කිටි කිටියේ බදාගනිද්දි එයාගෙ හකු පවා වෙව්ලනවා මට පෙනෙද්දි මං ඉවසන් හිටියේ මාර අමාරුවෙන්. ඉස්සර පොඩි කාලේ වගේ නෙවෙයි ඒ ස්පර්ශය මාව ගිණියම් කරනවා.



මොකද මං දැන් මගෙ හැගීම් අදුරනවා. මට ඕනෙ කාවද.. ඕනෙ මොනවද කියලා මං දන්නවා.. ඉතින් ඒ කෙනා මගෙ ලග පිස්සු හැදෙන්න ඉද්දි මේ සීතල වතුරේ කොහොම් දරාගෙන ඉන්නද.. මගෙ අතක් එයාගෙ සිහින් ඉග වටේ තදින් දැවටෙද්දි එයා ඇස්ලොකු කරන් මගෙ දිහා එකපාරටම බැලුවා...



" ජාන්..... අනේ ජාන්..... "



" යිබෝ මොකද කරන්නේ ගොඩට එනවා..."



අර ණයට කහින එකා සීන්ගේ නම කියලා කෑගහද්දි ජැකී මට ගොඩට එන්න කියලා කෑහැහුවත් මං නෙවෙයි ගනන් ගත්තේ.. ඇරත් මං මොකටද උන් කියන ලබ්බවල් කරන්නේ. මං කරන්නේ මට ඕන දේ..



සීන් මාව පූල් එකට තල්ලු කලේ නෑ එයා හැදුවෙ මං අරූට ගහන එක නවත්තන්න. මාව වැටෙද්දි එයා කලබල වෙනවා මං හොදටම දැක්කා. එයා ගනන් ගන්නේ නෑ වගේ හැසිරුනත් එයාගෙ ඇස් මට බොරු කලේ නෑ.



" ඉතින් මගෙ සුදු මහත්තයා... අවුරුදු 3කට පස්සෙ.. ම්ම්ම්... "



මං එයාගෙ මූණ දිහා බලාගෙන හිමින් අහද්දි එයාගෙ දෙතොල් පවා වෙව්ලන්න ගත්තා.. එයා බයවෙලා. ඉස්සර වගේම අර කියුට් ඇක්ෂන් එක දකිද්දි මට ආදරේ හිතුනා. මං සුදු මහත්තයා කියද්දි ඒ ඇස් බෝල ලොකු උනා.



ඉස්සර ඉතින් එයාමයි නෙහ් එයාට සුදු මහත්තයා කියලා කියවගන්නේ. දැන් මං ම කියද්දි එයාට පුදුම ඇති. පුදුමවෙන්න දෙයක් නෑ අවුරුදු 3ක් තිස්සෙ මේ හිතේ හිටියේ ඒ සුදු මහත්තයාම විතරයි.. මං ඉන දිගේ පහලට අත අරන් යන ගමන් තට්ටමක් උඩට තද කරද්දි එයා දැගලුවා.



" අතා..රිනවා යිබෝ... "



" ඔහෝ.. ඔයාට මගෙ නම මතකයි නේද බබා ම්ම් ?"



" විකාර කරන්න එපා හරි... මෙතන ගොඩක් අය ඉන්නවා.. මාව අතාරින්න "



" කවුරුත් නැති තැනක් නම් හාද ?"



මගෙ අත එයාගෙ තට්ටමට තද වෙද්දිම අවුරුදු 3කට පස්සෙ එයා මගෙ නම කිව්වා. ඔව් නම කිව්වෙ.. ඉස්සර කටේ තිබ්බ සුද්දා කියන වචනේ නෙවේ. ඒක දැන් අරූට කියනවද දන්නෑනෙහ්. අනේ ඒ පොන්නයා කොහෙද සුදු...



" අතාරින්නකෝ... "


" ඔයාට දැන් පීනන්න පුළුවන්ද බබා ?"



" බැහැ.. "



" එහෙමද.. එහෙනම් ඉතින් ඔන්න අතෑරියා..."


පනිෂ්මන්ට් එකක් තියෙන්න එපැයි.. මුලින්ම අහලා හිටියේ ඒකයි පීනීම ගැන.. වර්ධනයක් නෑ ඉස්සර වගේමයි. ඉස්සරත් පූල් ගියහම මගෙ ඇගේ එල්ලිලානෙහ් පීනන්නේ.. එයාට ඉතින් ඒවා අමතක වෙන්න බෑනෙහ්....



මං ඉතින් මගෙ අත් එයාගෙ ඇගෙන් අතෑරලා දැම්මා.. මට පීනන්න පුළුවන් නෙහ් එයාට බැරි උනාට.. අනික ඉතින් මෙච්චර වෙලා අතාරින්න කියලා නෙහ් කෑගැහුවෙ.. මං කොහොමද එයා කියන දෙයක් නොකර ඉන්නේ.. හුම්...



" අහ්.... අනේව්ව්... යි...බෝ "



අතපය දගල දගල කෑගහද්දි මං එයාව අතෑරලා ටිකක් එහාට යද්දි මගෙ නම කියලත් කෑගහද්දි මට කටකොනින් හිනාවක් ගියා. මට ආවේ ලොකුකම් පෙන්නන්න ඒත් තාම පීනන්න වත් බෑ.. මොට්ටයා...



" තනියම එන්න එහෙනම් ඈහ් බබා.. මං ගියෝ..."


" අනේ යිබෝ... අනේ සුෂා එනවාකෝ ඕයි "


මං ඒකාව දාලා පඩිපෙල ගාවට පීනගෙන යන්න හදද්දි මටත් කෑගහලා තව නමක් කියලා කෑගැහුවා. අහ් අර පොන්නයා වෙන්න ඇති. ඌ මරු බෝයිෆ්‍රෙන්ඩ් හැබැයි. මං ඔහොම නම් මගෙ එකා වැටෙද්දි බලාගෙන ඉන්නෙ නෑ. අරූ නම් මල් පොන්නයෙක්.


ඌ දැන් වතුරට පැන්නොත් මට චාන්ස් නැතිම වෙන නිසා මං ආපහු සීන් ගාවට පීනලා ගිහින් ඉන වටේ අත දාලා ඇදලා ගත්තා.. සීන් එහෙමම මගෙ අත්ගොබයක් බදාගනිද්දි මං එයාවත් අරගෙන පඩි ගාවට පීනගෙන ගියා...



සපත්තුත් දාලා.. ෂර්ට් කලිසම් වල බරත් එක්ක වතුරට වැටෙද්දි හරි අමාරුයි. ඒකයි සීන් ගොඩක්ම දගලන්නේ. මගෙ ඇස්කොනට අපි දිහා ඔක්කොමලා වගේ බලාගෙන ඉන්නවා අහු උනත් ඒ එකෙක්ට වත් පූල් එකට බහින්න ඕනකමක් තිබ්බේ නෑ වගේ.


" දගලන්න එපා සුදු මහත්තයා... "



සීන් වෙව්ල වෙව්ල දගලන නිසා මං එයාගෙ කනට මුමුණලා කියද්දි එයා වේගයෙන් ඔලුව ඉහල පහල කරද්දි පව් කියලාත් නොහිතුනා නෙවෙයි. ඩයිලා අතින් කටවහන් හිනාවෙනවා මට පෙනෙද්දි මං තොල් තදකරන් හිනාව තදකරන් හිටියා.



පඩිය ගාවට ආවහම මං එයාව හිමින් අතාරිද්දි සීතලට කට කට ගගා වෙව්ලනවා දකිද්දි එයාගෙ ඉනවටේ අත දාලා තුරුල් කරගත්ත මං එයාගෙ මූණට එබෙද්දි අරූ දුවලා ආවත් මගෙ අත් වලින් එයාව අතෑරුනේ නෑ...



" ජාන්... ඔයා හොදින්ද ?"



අරූ ඇහුවත් සීන්ගෙ කටින් වචනයක් පිටවෙනවා වෙනුවට වෙව්ල වෙව්ල මගෙ දිහාම බලාගෙන හිටියා. එයාව පඩිය දිගේ උඩට අරන් ආව මං ඉනවටේ තිබ්බ අත අතාරිද්දි වටපිටාවෙන් ආව හුලං පාර නිසා ඇගට දැනෙන්න ගත්තේ පට්ටම සීතලක්...



" ඉක්මනට ආයෙ හම්බෙන්නම් මගෙ සුදු මහත්තයා "



සීන්ගේ මූණට එබිලා කිව්ව එයාගෙ කම්මුල් දෙක තද කරලා අල්ලලා තොල් වලට සීතලා හාදුවක් තියද්දි අනික් උන්ගෙ එක එක සද්ද එක්ක මට දැනුනේ ජයග්‍රාහී හැගීමක්...



සීන් යකෙක් ගහලා වගේ බලාගෙන යද්දි එයාට ඇහැකුත් ගහපු මං එතනින් එන්න එද්දී සීන් යාන්තම් මගෙ නම කියනවා ඇහෙද්දි මං ඩයිලා එක්ක එන්න ආවා.....






" ස්..... සු..... ද්.... දා "








**************************







අපි ගෙදර ආවා.. කාර් එකේ එද්දි මං හිටියේ ඇදුම් බාගෙට ගලවගෙන.. ඩයිලා විතරයි මගෙ කාර් එකේ හිටියේ. මං ජැකීව අරන් ආවෙත් නෑ. මට ඌ එක්ක කේන්තියි. ඒ නිසාම ඕන එකෙක් එක්ක එන්නේ නැතෑ කියලා පොඩි එකාව අරන් මං ආවා..



අපේ ගේට් එකෙන් ඇතුලට කාර් එක දාද්දිත් සොනික්ගෙ කාර් එක ඇවිත් නවත්තද්දි ජැකී බැහැලා ආවා.. මට මුන් එක්ක දැන් කතා කරන්න ඇත්තටම ඕනෙ නෑ. මොකද එකට ඉදලා මුන් මට බොරු කලා. මට ඒ කේන්තිය තාම තියනවා..



මං කාර් එකේ දොර වහන් ගේ දිහාවට යන්න හදද්දි දුවලා ආව සොනික් මගෙ අතේ එල්ලෙද්දි මගෙ කකුල් නැවතුනත් මං කතා කරේ නෑ. ඩයිලාත් මාරුවෙන් මාරුවට අපි දිහා බලද්දි ජැකීත් ඇවිදගෙන ආවා...



" යිබෝවා තාම තරහෙන්ද බන් ?"



" නිකන් ඉදපන් ඩැරන්.. මූ හිතන්නේ අපි මූට බොරු කරා කියලා.. එහෙම හිතනවා නම් හිතපුදෙන් "



සොනික් මගෙ අත හොල්ල හොල්ල මූණ දෙක කරන් තරහද අහද්දි ජැකියා නම් තඹේකට මාව ගනන් ගත්තේ නෑ. ඕකා තමා සේරම කලේ. එයාර්ෆෝර්ස් එකේ එකට ඉදලා මට නිකන් වත් කිව්වේ නෑ. මොන මූසලකමක් ද ඒ...



" උබලා කතා කරලා ඉවරයිද.. මං යන්නද "



" යිබෝවා.. තරහාවෙන්න එපා බන්. එහෙම කලේ ඌ කියනවට කැමති නැති උන නිසා "



" මට මුකුත් දැනගන්න ඕනේනෑ.. මං ඌව ගන්නම් මගෙ ක්‍රමේට.. මගෙ දේවල් කොහොමත් මං වෙන කාටවත් දෙන්නේ නෑ... "



සොනික්ගෙ අතත් ගසලා දාලා මං ඇතුලට ඇවිදන් එද්දි පොඩි එකාත් පස්සෙන් දුවන් ආවා. සොනික් ජැකී දෙන්නා මිදුලේ එහෙමම නැවතුන නිසා මං පඩිපෙල නගින්න පටන්ගත්තේ තෙමිලා හිටපු මාව වෙව්ලද්දි...




බාත්රූම් එකට රිංගලා හොදට නාගද්දි මට දැනුනේ සනීපයක්.. මට පූල් එකට වැටුන වෙලේ ඉදන් සිද්ධ වුන දේවල් ආයෙ ආයෙත් මතක් වෙද්දි මගෙ කටකොනින් ආවේ හිනාවක්.. මොකද මං පලවෙනි පියවර තිබ්බා.. එයාව අයිතිකරගන්න පලවෙනි පියවර තිබ්බා.



සීන්ගෙ හැසිරීම් මං හොදටම දන්න නිසා එයා මේ කරන්නේ අවුරුදු 3 තරහා පිටකිරීමක් කියලා මට නොතේරුනා නෙවෙයි. මං සෝල් ගිය එකටත් වඩා මං එයා ගැන හෙව්වේ නෑ කියන එක හිතේ තියන් පලිගන්න හදන්නේ කියලා මට තේරෙද්දි මට හයියෙන් හිනත් ගියා..













හොදට නාලා එලියට ආවහම මට දැනුනේ සනීපයක්.. පහල තට්ටුවේ කතා කරන කටහඩවල් එක්ක මං ටවල් එකෙන් කොන්ඩෙ පිහින ගමන් පඩිපෙල බැහැගෙන පහලට ආවා.. බිත්ති ඔරලෝසුවක රෑ 11.30 යි කියලා පෙන්නද්දි මං දැක්කේ ලිවින් රූම් එකේ මුන් කරන වැඩ....



ජැකී සොනික් දෙන්නා ලයිම් ජූස් ද කොහෙද බොනවා.. ඇයි තාම වෙරිද.. මට නම් වෙරි ගියා හැබැයි අර පොන්නයා නිසාම.. සිරාවට ඌ තනිකර ඕවර් ඇක්ටින් දගලානා කෙනෙක්.. දැක්ක ගමන් මට ඒක තේරුනා.. ඒත් ඉතින් සීන් උනත් දැනගන්න ඕනි නෙහ් එයා බබෙක් නෙවෙයි නෙහ්....



" ආහ් යිබෝවා.. බීපන් එකක් "



" ඕනේ නෑ.. "



මං සෝෆා එකට ඇවිත් බර වෙද්දි සොනික් ලයිම් ජූස් බෝතලේ පෙන්නලා කියද්දි මං අතින් එපා කිව්වා. ජැකියා නම් අනේ මන්දා.. ඌට අඩුගානෙ මට සොරි කියන්නවත් ඕනෙ නැද්ද. ඔච්චර දෙයක් වෙලා. ඌ කියන් නැත්තං මං අහන්නෙත් නෑ.



ඩයිලා පේන්න නෑ ඌ නිදි ඇති.. මමාත් නිදිද කොහෙද ජැකී ආවා කියලා එයා දන්නෙත් නෑ. මුන් දෙන්නා හොරු දෙන්නෙක් ගෙට රිංගලා වගේ හැසිරෙන්නේ. ඒ අස්සෙ සීන්ගෙ තොල් හපපු එක මතක් වෙලා මගෙ මූණට හිනාවක් ආවා..



" ආයිශ් අෆ්ෆා.. මෙන්න මූ හිනාවෙනවා.. සුවර් පුතේ එන්න කලින් කරපු වීරක්‍රියාව මතක් වෙලා වෙන්න ඇති.."



හරියටම හරි ඉතින් සොනික්.. ඒක මතක් වෙලා තමයි මට හිනා ගියේ. මොනවා උනත් සෑහෙන්න පිරිසක් ඉස්සරහා එයාව කිස් කරන්න මට කන්ෆිඩන්ස් තිබ්බා. සීන් අඩුගානෙ මුකුත් කිව්වේ වත් නෑ.. ඒ වෙනුවට එයා ගොත ගගහා සුද්දා කියලා කියනවා යාන්තම් ඇහුනා..



අපේ ෆස්ට් කිස් එක මතක් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. එදත් බලෙන්.. අවුරුදු 3කට පස්සෙ අදත් බලෙන් ඉතින්. ඉස්සරහාට උනත් මට ඕන දේ මං බලෙන් තමයි ගන්නේ. එතකොටවත් මෝඩ සුදු මහත්තයාට තේරෙයි යිබෝ කියන්නෙ මොන වගේ එකෙක්ද කියලා...



" මට මතක් වෙන්නේ එදා ඔට්ටුව නිසා උබ ජාන්ව කිස් කරපු හැටි බන්.. එදත් ඒකා ඇස්ලොකු කරන් බලාගෙන හිටියා. "



" මූට කොහොමත් බලහත්කාරකම් කරලා පුරුදුයි වගේ.. පව් මගෙ අහිංසක ජුන්නා "



" අහිංසක ? හහ් අනේ මේ ජැකී තමුසෙ මගෙන් කුනුහර්ප අහගන්න එපා. අර පොන්නයෙක් ඇගේ එල්ලන් මගුල් නටන්න හොදා.. "



සොනික් මට හිතුනා වගේම සීන්ගෙ කොලේජ් එකේ පලවෙනි දවස ගැන මතක් කරද්දි ජැකියත් පෝර දැම්මා. අනේ ඌ දන්න ඉටිගෙඩිය.. ඒ අස්සෙ සීන් අහිංසකයිලු.. හම්මේ ඉතින්. ඒ නිසාද මට අච්චර නපුරුකම් කලේ. හැම වැරැද්දම මං විතරක් කලා වගේ.. උස අන්ඩා ඔහොමමයි...



" ඌ පොන්නයෙක් කොහෙද.. එල කොල්ලෙක්.. ඌත් මගෙ ජුන්නෙක්.. ජාන්ගෙ ඉන්ටෙක් එකේ.. "



" ඌ සීන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කිව්වේ ඇත්තද අහ්? මට එහෙම පෙනුනේ නෑ. ඇරත් ඌව ගැලපෙන් නෑ සීන්ට හැටි උගෙ.. "



" එහෙනම් ගැලපෙන්නේ උබවද ?"



" නැත්තං ඉතින්.. මගෙ මොන අඩුවක්ද ?"



ජැකියාට තාමත් වෙරිද මන්දා.. වීදුරුව කටේ ගහගෙන අර ණයට කහින එකා ගැන තර්ක කරන්න ආවා. ජැකියා කිව්වේ නෑ ඌ සීන්ගෙ කවුද කියලා.. ඒත් මට හිතෙන් නෑ ඒ බෝයිෆ්‍රෙන්ඩ් කියලා..



" උබේ අඩුවක් නැත්තං උබ දැනගන්න ඕනෙ ඉස්සරහාටවත් උබේ දේවල් පරිස්සම් කරගන්න පොඩි. උබ හිතන්නේ අපි හැංගුවා කියලා නම් කමක් නෑ. මටවත් ඩැරන්ට වත් එහෙම කරන්න ඕනකමක් තිබ්බේ නෑ. ඒත් ජාන්ට ඕන උනා."




" ඇයි එයා මගෙන් පලිගන්නේ අහ් ? මං සෝල් ගිය නිසාද ? එයා ගැන හෙව්වේ නැති නිසාද ?"



" උබ ඒවා උගෙන්ම අහපන්. අපිට වඩා ඒවා ඌම කියයි. ඇරත් මං හිතන් නෑ ජාන්ට උබව එපා කියලා නම්. හැබැයි ඌ ලේසියෙන් නම්මගන්න නම් බැරිවෙයි"



ජැකියා ලාවට වගේ පාපෝච්චාරණයක් දුන්නා. උන් දෙන්නා නොකියා හිටියේ සීන්ගෙ ඉල්ලීම නිසා විතරයි කියලයි කියන්නෙ. මට කියන්න එපා කියන්න තරම් උගෙ එච්චර ගැම්මක්ද ඈහ්.. ඕකව අල්ලගත්ත දවසට ගහනවා පුක පුපුරන්න.



නම්මගන්න බැරිවෙයි කියන්නෙ මං පස්සෙන් යන්න ඕනෙ කියන එකද.. එයාගෙ හිත හැදෙනකන් මං එයා කියන දේවල් කරන්න ඕනෙ කියන එකද.. හරියට අර කෙල්ලන්ගෙ පස්සෙන් යනවා වගේ. කවදා කරපුවද යකෝ මේ...


" මං ද ඉතින් ඔයා නෙවෙයි ද නම්බර් එක ඉල්ලන්න ඕනෙ සුද්දා ?"



ඒත් එක්කම මට මතක් උනේ ඒ දවස් වල අපි නම්බර් ශෙයා කරගන්න කලින් මම ඒකට ඉස්සර වෙන්න ඕනෙ කියලා සීන් කිව්ව හැටි.. දැන් ඒ වගේම මම තමයි පස්සෙන් යන්නත් ඕනෙ ඒ කියන්නෙ..




ජැකී නොකියා කිව්වේ සීන් මාව අමතක කරලා නෑ එහෙම හැසිරෙනවා විතරයි කියලා.. මූ ඒකවත් කිව්වා ලොකු දෙයක් හැබැයි. නැත්තං අර පොන්නයා ගැන හිතලාම මගෙ ඔලුව කුරුවල් වෙනවා..



" ජාන් තමයි උන්ගෙ ඉන්ටෙක් එකේ ඉන්න දක්ෂම පයිලට්.. කවදාවත් අවතක්සේරු කරන්න එපා පොඩි ඌව.. ඉස්සර හිටපු එකා නෙවෙයි දැන් ඉන්නෙ "



" ජැකී ගගා.. තමුසෙ කියන්නෙ මූට බොටම් වෙන්න වෙයි කියලා නේද ?"



" මොකක්ද හුත්තෝ.. උබ එදාත් ඩයිලා ඉන්න තැන ඔය කතාව කිව්වේ සීන් නිසාද ආහ් ? ඕවා හිතන්න කලින් ඌ මාත් එක්ක ලව් කරන්න පටන්ගන්න එපැයි"



ජැකී කිව්වා සීන්ගෙ ඉන්ටෙක් එකේ දක්ෂම පයිලට් එයාලු.. මට ගොඩක් ආඩම්බරයි.. මගෙ උස අන්ඩා එයාගෙ හීනෙට ගිහින්.. මං මගෙ හීනේට ගිහින් එද්දි ඒකා ඒකාගෙ දේවල් ලගාකරගෙන තිබ්බ එක මට සැනසීමක්.. එහෙම නැතත් මට ප්‍රශ්නයක් නෑ. මට ඕනෙ සීන්ව විතරයි....



" උබට මාව ඩොමිනනට් එකෙක් වගේ පේන්නේ නැද්ද?"



" එහෙම නෙවේ ඉතින්.. ඒත් ජාන් ලද බොලද නෑනෙහ්.. ඒකයි කිව්වේ යිබෝවා.. "



" එයාව ලගින් ආශ්‍රය කරපු මං දන්නවා බන් එයා ගැන.. උබ ඕවා හිතන්න එපා.. "



සොනික් එදා හින්ට් එකෙන් උනත් කිව්වේ සීන් ගැන කියලා දැන් කතාවත් එක්ක මට හොදටම තහවුරු උනා. මට ඕවා පස්සෙ යන්න ඕනෙ නෑ. මොකද කවුරු මොනවා කිව්වත් සීන්ගෙ හැටි දන්නේ මමනෙහ්.. ඒ හැගීම් එහෙම වෙනස් වෙන්නේ නෑ...



මං කටකොනින් හිනාවක් දාගෙන බලාගෙන ඉද්දි ජැකී මගෙ දිහා බලාගෙන එකපාරට කිව්ව දේ නිසා මට අර පොන්නයාව ඩෙවල් දාන්න තරම් යක්ස කේන්තියක් ආවා....






" අරූ ජාන්ගෙ පස්සෙන් යනවා... "








**************************







පාන්දර වෙලා නිදාගත්ත නිසා පහුවදා ඇහැරුනේ උදේ දහයටත් කිට්ටු වෙලා. ඩයිලා ක්ලාස් ගිහින් හිටියා. ජැකීත් නිදි.. ඌට දවස් පහක් නිවාඩු හම්බෙලා. ඇදේ ඉදගනිද්දිම මට මතක් උනේ සීන්ව වෙද්දි මට දැන් සැහැල්ලුවෙන් හිනාවෙන්න පුළුවන් වුනා.



ඉස්සර එයා මං දිහා බලාගෙන හිටපු බැල්කනි එක තාම මගෙ දිහා බලාගෙන ඉද්දි වොෂ් එකක් දාගෙන මං පහලට ආවේ ඊයේ කෑවාටත් වඩා බීපු නිසා ඇගට අමාරුයි වගේම තද බඩගින්නක් ආව නිසා.. මං යද්දි මමා කෑම ගන්නවා.. මාව දැකලා එයා ලස්සන හිනාවක් දෙද්දි පිම්බිලා තිබ්බ කම්මුලකට හාද්දක් දුන්නා මං...




" මට ආරංචියි.. ඊයේ ජාන්ව මීට් උනාලු නේද.. ඉතින් ?"




" මීට් උනා කියලා දන්නවා නම් මමා ඊයේ වෙච්ච දේවල් ඔයා නොදැන ඉන්න විදිහක් නෑනෙහ්.. "




කිම්චි... මං ආසම කොරියන් කෑමක් ඩයිනින් ටේබල් එක උඩ තියෙද්දි ඒ දිහා බලාගෙන මං මමාගෙන් අහද්දි එයා ඔලුව වැනුවා.. ඩයිලා කියන්න ඇති සේරම.. අවුලක් නෑ අපේ ගෙදර නොදන්න එකෙක් නෑනෙහ් යිබෝ-සීන් ඛේදජනක ලව් ස්ටෝරිය..




මමා මගෙ ප්ලේට් එකට උණුම උණු ඩම්ප්ලින් එකක් තියද්දි මං චොප්ස්ටික්ස් දෙකෙන් අල්ලගත්තා.. ජැකී කිව්වා වගේ මට තියෙන්නේ එයාගෙ පස්සෙන් යන්නද.. ඒකද සීන් බලාපොරොත්තු වෙන්නේ.  මට තේරෙන් නෑ.. මං මේවා කවදාවත් කරපු දේවල් නෙවේ..



හැබැයි සෙකන්ඩ් වෙන්න බෑ කියලා මං කරබාගෙන හිටියොත් අර පොන්නයා ඉස්සර වෙයි.. මගෙත් එක්ක අවුලෙන් ඉන්න නිසාම සීන් ඌට කැමැත්ත දුන්නොත්. මට නිකරුනේ එකෙක්ව මරන්නත් වෙනවා.. ඕවා හෙන කරදර වැඩ හැබැයි..




" ඉතින් ඔයා මොනවද පොඩි කරන්න හිතන් ඉන්නෙ ?"




" සීන් මට ලොකුකම් පෙන්නනවා.. මං එයාගෙ පස්සෙන් යන්න ඕනෙද මමා ?"




" ඔයාගෙ වැරැද්දක් නෑ පොඩී. ඒත් එහෙම කරන්න එපා කියන්න මට බෑ. මොකද නොකිව්වට ඔය දෙන්නාම ආදරෙයිනෙහ්. ප්‍රශ්නෙ තියෙන්නේ ජාන් ඔයා එක්ක අවුලෙන් ඇත්තේ ඔයා එයාව අතෑරියා කියලා හිතලා. ඒ අතින් ඒ ලමයා පව්. ගේ අස්සෙ හිරකරන් ඉදලා ගුටි කාලා.. ඒ නිසා ඔයාට එයාව ඕනෙ නම් ඔයාට චුට්ටක් සෙකන්ඩ් වෙන්න වෙනවා. අනික ඒක ලැජ්ජාවක් නම් නෙවේ පොඩි.. පපා මගෙ පස්සෙන් කොච්චර ආවද ! "



මං මමා කියන දේවල් සාවධානව අහගෙන හිටියා ඉතින්.. සීන් වැරදිත් නෑ මං වැරදිත් නෑ. අපි දෙපැත්තට කරපු උන් තමයි වැරදි. හැබැයි ඒ නිසා අපේ හීන වලට අපි ගියා. ඒ අතින් අපි සම්පූර්ණයි. අපිට දැන් තියෙන්නේ දෙන්නාගෙම ඉවසලා අහිමි උන කාලේ ලබාගන්න එක...



මං ඒ විදිහට හිතනවා.. ඒත් සීන් හිතනවා ඇත්තේ ඒ වගේ වෙන්න ඇතිද.. මට එයාගෙ පස්සෙන් යන්න බැරිකමක් නෑ. ඒත් එයා මාව පිලිගනීද.. ඉස්සරත් පොඩි දෙයක් වෙන්න බෑ දවස් ගනන් කතා කරන්නේ නැතුව ඉදලා එයාම මාව හොයන් එනවා. ඒත් ඒ ඉස්සර.. දැන් එහෙම වෙයිද...




" ඔයා එයාගෙ හිත ගන්න විදිහ ඔයාම තීරණය කරන්න. මං හිතන්නේ ජාන් ඔයාට ලොකුවට කට්ටක් දෙයි කියලා. මොකද ඉතින් ඔයා එයාගෙ සුද්දා නෙහ්.. "



මමා කියද්දි මට හිනාවක් ගියා.. මට මතක් උනේ එදා එයාව ඇදගෙන ගිය දවස.. සුද්දා මාව තියාගන්න කියලා කෑගහද්දි මාව සෑහෙන්න අසරණ වුනා. මට දුක නොදැනුනා නෙවෙයි ඒත් එදා මමත් පොඩි එකෙක්. මට ලොකු අය එක්ක හැප්පෙන්න බෑනෙහ්..



ඒත් අද... ඔයාගෙ වචනේ විතරයි ඕනෙ සීන්.. කිසිම කෙනෙක්ට බලපෑමක් කරන්න බැරිවෙන්න මං ඔයාව බලාගන්නම්.. ඒ නිසා මාව රිජෙක්ට් කරන්න එපා.. මං මගෙ හිතට පොරොන්දු දුන්නා.. මොකද මං තාමත් ඒ මැටි අලේට පැලෙන්න ආදරෙයි..



උදේට කාලා ඉවර වෙලා මං ගාඩ්න් එකේ ඇවිද ඇවිද හිටියේ කකුල් වලට සෙරෙප්පු දෙකක් වත් නැතුව.. තණකොල පෑගෙද්දි සනීපයි.. ඒ වගේම බොරළු.. ස්නායු ක්‍රියාකාරිත්වයට ගොඩක් හොදයි ක්‍රමයක් ඒ.. ඒක නෙහ් චූටි බබාලාව එහෙම ඇවිද්දවන්න කියන්නේ...



ශෝට් එකේ සාක්කුවේ තිබ්බ මගෙ ෆෝන් එක රින්ග් වෙද්දි මං අතට ගත්තහම දැක්කේ පපා කියලා.. එයත් මේ වෙද්දි දන්නවද දන්නෑ. එයාගෙ ආදරණීය බිරිද ඕපදූප සේරම කනේ තියනවා නෙහ් ඉතින්.. මං කෝල් එක ආන්සර් කලා...




" හෙලෝ පොඩි සුබ ආරංචියක් තියනවා... "



පපාගෙ සතුට පිරුන කටහඩ ඇහෙද්දි මගෙ හිතටත් සැනසීමක් දැනෙද්දි එයා උදේම දුන්න ලස්සන නිව්ස් එක නිසා මගෙ හිතේ දහසක් බලාපොරොත්තු ඇදිලා ගියා...





" ඔයාට පුළුවන් ඉක්මනටම Li-ning චයිනා වලත් පටන්ගන්න..."








~ Shawuu Liang 🍑✍🏻







               *********************




🖋 සුබ නව වසරක් මගෙ රීඩර්ස්ලා හැමෝටම ♥️💐 ඔයාලගෙ ඉදිරි අනාගත බලාපොරොත්තු, අරමුණු ඉෂ්ට වෙන්න කියලා ශවූ ප්‍රාර්ථනා කරනවා..





🖋 මේක කියන්න ඕනෙ.. එක කතාවක ජාන් චොර වෙද්දි තව කතාවක යිබෝ චොර කරනවා.. එහෙමයි ආහ්.. කතාවක් නෙහ් හිතන්න එපා ලොකුවට.. එකම විදිහට මං කතා ලියන් නෑ කියලා දන්නවානෙහ් 👉👈 ඒ නිසා අකමැති අය ඉන්නවා නම් නොකියවා ඉන්න ප්‍රශ්නයක් නෑ..





🖋 Vote කරම්න Comment කරම්න 💚❤️


You are reading the story above: TeenFic.Net