3️⃣3️⃣ Chapter 👅💥

Background color
Font
Font size
Line height

𝗠𝘆 𝗕𝗼𝘀𝘀𝘆 𝗛𝘂𝘀𝗯𝗮𝗻𝗱 🧑🏻‍✈️🔞⚠️


3️⃣3️⃣ Chapter 👅💥






" මං ලොකු වරදක් කලා යිබෝවා උබට.. ජාන් ඉස්සරහා සිෂුවාන් නිසා ලැජ්ජ වෙන්න උනා උබට..."

" විකාරද ජිරියා.. උබ දැනන් හිටියේ නෑනෙහ්.. අනික මං ඒක අමතක කලා.. "

" ඒ උනාට වැරැද්ද මගෙ... "

ඇදවිට්ටමට හේත්තුවක් දාගෙන ඈත බලාගෙන හිටපු මට මතක් උනේ යැන්ග් අන්තිමට කිව්ව වචන.. එයා එයාටම වැරැද්ද පටවගත්තා.. ඇත්ත ෆේක් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්නෙ මගෙ ගගා කලින් සෙට් වෙලා හිටපු කෙල්ල කියලා දැනගත්ත වෙලාවේ මාව ගොඩක් ශොක් උනා..

උස හාදයාට රිද්දන්න කියලා කෙල්ලෙක් හොයාගෙන අන්තිමට ඒකිම නිසා මං විහිලුවක් වෙද්දි තරහක් නොදැනුනා නෙවෙයි.. ඒත් ජිරියා දැනගෙන හිටියෙත් නෑ කිව්වා.. ඉතින් මං ඒක ප්‍රශ්නයක් නෑ කියද්දිත් ඌ ඌටම වරද පටවගන්න එක හරි අමුතු දෙයක්....

" බැරි වෙලාවත් උබ මට නොකිව්ව දෙයක් වත් තිබ්බද? "


අතේ තිබ්බ සිගරට් අලු ඈශ් ට්‍රේ එකට ගසලා දාලා මං මගෙන්ම අහගත්තේ එතන ඈත් වෙන්න තරම් මං වැරැද්දක් නොදැක්ක නිසා.. අවුරුදු 3ක් ඌට පුළුවන් වුනා සොනික් ට වත් කතා නොකර ඉන්න..

උස හාදයා උනත් එහෙම නෙහ්.. යාලුකම නෙවේද අතෑරියේ.. මේ ලෝකේ බයානකම ඇබ්බැහියක් මිත්‍රත්වය.. ලොකු විශ්වාසෙකින් හිටපු කෙනෙක් ඒක කඩ කරද්දි පිස්සෙක් වෙලා විදෙව්වත් ඒකේ අරුමයක් නෑ. මොකද බැදීම් අතෑරෙද්දි මිනිස්සු බයයි...

මං කාමරේ තිබ්බ Tv එක ඔන් කලා.. කියන්න සතුටුයි විනාඩි 10න් 10ට Li-ning  එකේ ඇඩ් යනවා.. අපේ කඩවසම් Brand Ambassador.. මිනිහා සුපිරියි.. ඒ වගේම මං දැනන් හිටියා ඌගෙ හිතේ මට කැමැත්තක් තියේ කියලත්.. මං හිටියා දන්නේ නෑ වගේ...

මං පිරිමින්ට කැමති කෙනෙක් කියන්න ආයෙ හේතු ඕනෙ උනේ නැති උනත් මට උන්ගෙ කොච්චර ලස්සන පෙනුනත් කවදාවත් කැමැත්තක් ඇති උනේ නෑ.. නැත්තං මේ අවුරුදු 3ට මට මොනවද කරන්න බැරි...

" මං ලස්සන කෙල්ලෙක් බැදලා ළමයි ගොඩක් හදාගෙන හොදට ජීවත් වෙනවා.. තමුසෙට රිදෙයි එතකොට"

" කෙල්ලෝ ඕනෙ නෑ... සුද්දා මාව මිනීමරුවෙක් කරගන්න එපා "

මං කෙල්ලෙක් බදින්න දැකපු හීන උස හාදයා එක්ක කියද්දි හැමතිස්සෙම කේන්ති ගිහින් මට බැනගෙන යන හැටි මතක් වෙලා මගෙ මූණට හිනාවක් ආවා.. පිස්සෙක් වගේ පුපුරනවා....


" උබ මට එච්චරට ආදරේ කරාද සුදු මහත්තයා.. වෙන කාටවත් දෙන්න බැරි තරමට..ම්ම් ? "

එයා නැතුව වෙන කෙනෙක් ගැන කියද්දි යකා ආවේස වෙන උස අණ්ඩා මට එච්චරටම ආදරේ කරලා.. ඒ මූණේ ඒ ලස්සන ගැඹුරු ඇස් වල තිබ්බ හැගීම් මට දැන් මතක් වෙද්දි මාව පණපිටින් පිච්චෙනවා වගේ.. මට කොහොමද එච්චර දෙයක් මගෑරුනේ....

මං එයාව කොච්චර කිස් කරලා ඇතිද.. ඒ හැම වෙලාවකම එයාගෙ ඇස් වල සතුට මං නොදැක්කේ කොහොමද.. මට හිතාගන්න බෑ ඒ හැගීම එයා මට පිස්සුවෙන් වගේ ආදරේ කලා කියන මට නොතේරුනේ කොහොමද කියලා....

" උබ මට සමාව දෙනවද සීන් ? "

" එදා නොතේරුන අද තේරෙන ආදරේට උබ මං ආයෙ ආවොත් සමාව දෙනවද මගෙ සුදු මහත්තයා ?"

සිගරට් එකේ අන්තිම උගුරත් ඇදලා දුම් වළල්ලක් යවපු මං පිච්චෙන සිගරට් කොටේ අතේ ගුලි කරගත්තා.. සෝල් වලට අවාට පස්සෙ මං කවදාවත් ඇඩුවෙ නෑ.. මං මගෙ කදුලු සේරම බිජිං වල නිදන් කරලා ආවා...

මමාව බදාගෙන අන්තිමට වතාවට සීන්ව මතක් කරලා අඩලා මං එන්න ආවා.. එදා ඉදන් මගෙ ජීවිතේ ගොඩක් කාර්‍යබහුලයි.. මං ඒ දේවල් අමතක කරන්න උත්සහ කලේ ඒ විදිහට.. ඒත්...

මට ඇත්තටම පුළුවන් වුනාද උබව අමතක කරන්න ?

නෑ ඇස් වලින් කදුලු වැගිරුවේ නැති උනාට හිතින් හඩාවැටුනා.. සීන්ව ආපහු දෙන්න කියලා හඩාවැටුනා.. මොකද මං තේරුම්ගත්තා අපි ආදරේ කරලා තියන විදිහට වෙන කෙනෙක්ගෙ වෙන්න බෑ කියන එක...






සිපගැනීමකින් එහා නොගිය ආදරයක්...
වචනෙකින් ආදරේ ගැලපුවෙ නැති බැදීමක්...
ඉතින්,
වෙන කෙනෙක් ගැන හිතන්න බැරි ඇයි කියලා කල්පනා කරනවද ?
දුර යන්නම ඕනෙ නෑ බැදීමකට...
මොකද,
ඒ වෙද්දිත් හිත අයිතිකාරයාටම දීලා ඉවර නම්..













**************************






දෙසැම්බර් ඉවර වෙලා ජනවාරි ලබද්දි අලුත් අවුරුද්දෙ ඉහ ගහන්න බැරි තරමට වැඩ වැටෙද්දි මමත් ඒවාටම යොමු උනා මිසක් අනික් කිසි දෙයක් ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නෑ....



මොකද කලින් කිව්වා වගේම මම ගොඩක් කැමති උනා ඒ මගේ විදිහට.. සමහරු හිතේ දුක වේදනාව නැති කරගන්න වෙන කෙනෙක්ට ආදරේ කරන්න උත්සහ කලා.. නැත්තං සෙක්ස් පාට්නර් කෙනෙක් තියාගත්තා... නැත්තං බිව්වා වැටෙන්න බිව්වා...


ඔතනින් මං තෝරගත්තේ අන්තිම එක.. බීම මට දැන් පත්තියන් වෙලා... පපා උනත් නොදැන හිටියා නෙවෙයි මං පිස්සෙක් වගේ බොන්නේ කියලා.. ඒත් එයා බලපෑම් කරේ නෑ කවදාවත් එපා කියලා... මං දැන් පොඩි එකෙක් නෙවේ තවදුරටත් දෙමාපියන්ගෙන් මට කිසිම බලපෑමක් ආවෙ නෑ....



" ෂියාඕ අන්කල් මිනිස්ට්‍රි එකෙන් අයින් උනා.. "


මං සෝල් ඇවිත් අවුරුද්දකට පස්සෙ පපා කියද්දි මගෙ මූණෙ පුදුමයක් තියා කිසි හැගීමක් ඇති වුනේ නෑ.. එදා එයාට වෙඩි වැදුනා.. දවස් ගානක් හොස්පිට්ල්‍ හිටියා කියද්දිත් කිසිම හැගීමක් ඇති නොවුන මට ඉතින් වෙනසක් දැනුනේ නෑ.. අඩුගානෙ මං පපාගෙන් එදා ඒ ඇයි කියලාවත් ඇහුවෙ නෑ...


" එයා දුර්වලයි එදා සිද්ධියෙන් පස්සේ.. ඊලග ඉලෙක්ෂන් එකෙන් නිකන්ම පැරදුනා.. "


මගෙන් කිසිම හූමිටියක් නැති තැන පපාම හේතුව කියද්දි ලැප් එකට මූණ ඔබාගෙන හිටිය මං හැමදේම හොදට අහන් හිටියා විතරයි.. මං කවදාවත් හොද වැඩේ කියලා කිව්වේ නෑ.. මොනවා උනත් ඒ සීන්ගෙ පපා..


අලුත් අවුරුදු සතියෙ ඔෆිස් ගිහින් වැඩට එද්දි ගොඩක් රෑ වුනා.. තනියම හිටපු මට ඒක ගානක් නෑ. අඩුගානේ ඇවිත් අවුරුදු 3ක් ගියත් සෝල් වලින් මට කිසි යාලුවෙක් හිටියේ නෑ.. මොකද මං යාලුකම් වලට ගොඩක් බයයි....


ඒක ඇබ්බැහියක්.. ඒකෙන් විනාස වෙන්න ගිය එකෙක් විදිහට ආයෙ කිසිම මනුස්සයෙක්ව මං මගේ කියලා ලංකරගත්තේ නෑ කවදාවත්.. මට ඕනෙ නෑ මං තීරණය කලා යාලුවො නැතුව තනියම ඉන්න.. ඒක හිත් රිදවාගැනීම් වලට වඩා ගොඩක් ලේසියි...



🔔 Ding Dong


අලුත් අවුරුදු සතියේ සිකුරාදා මං අපාර්ට්මන්ට් එකට එද්දි රෑ 11 ට ත් කිට්ටුයි.. මිස්ටර් කිම් ඉදලා ගිය නිසා මං වොෂ් එකක් දාගෙන ටවල් එකත් කරේ දාගෙන එලියට ආවා විතරයි අපාර්ට්මන්ට් එකේ බෙල් එක වදිනවා ඇහුනා...


" කවුද මේ වෙලාවේ ? "


බිත්ති ඔරලෝසුවේ වෙලාව බලපු මං මගෙන්ම අහගනිද්දි අපාර්ට්මන්ට් එකේ දොර අරිද්දි හිටපු කෙනා දැකලා පුදුම හිතුනා... ඇයි මේ වෙලාවේ....



" පපා ? "





" පුතා... මමාට අසනීපයි "



ඇතුලටවත් නෑවිත් පපා කලබලෙන් කියද්දි මං සේරටම වැඩිය කලබල උනා.. මං ගොඩ දවසකින් මමාට කතා කලේවත් නෑ එයාට හදිස්සියේ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි වෙද්දි මං ගොඩක් නොසන්සුන් වුනා...



" පපා... පපා මමාට මොකද ?"



" හාර්ට් ඇටෑක් එකක් ඇවිත්.. චූටි එයා ගාව.. "




" ප්... පපා !!! "



ලෙඩක් හැදෙන්න ඇත්තටම අද කාලේ වයස බලනොපාද්දි මමා ගොඩක් නිරෝගී කෙනෙක් උනත් එයාට හදිස්සියේ හාර්ට් ඇටෑක් එකක් ඇවිත් තිබ්බා..



ස්පෝට්ස් කරන ව්‍යායාම කරන කියලා නෑ ලෙඩ හැදෙන්නේ හිතාගන්න බැරි මොහොතවල් වල.. ඩයිලා මමාව ඉක්මනට හොස්පිට්ල්‍ අරන් ගිය නිසා ප්‍රශ්නයක් නෑ කිසිම.. ඒත් මට තවත් ඉන්න බෑ එයාව බලන්නේ නැතුව....




" හරි යිබෝ.. බයවෙන්න දෙයක් නෑ.. මං හෙට ගිහින් එන්නම්... "



පපා කිව්වෙම මට කලබල වෙන්න දෙයක් නෑ මට වැඩ වැඩි නම් ඒ දේවල් කරගන්න කියලා.. ඩයිලා මමා ගාව නිසා එයා හෙට බීජිං ගිහින් එන්නම් කියලා.. මොකද මං අවුරුදු 3කින් මගෙ රටට යන්න අකමැති වුන නිසා එයා මට බල කරේ නෑ.. ඒත්..







" මම හෙට බීජිං යන්න එනවා.. "







**************************







පහුවෙනිදා උදේ 7.44 ට බීජිං බලා පිටත්වුන ෆ්ලයිට් එකේ අපි බිස්නස් ක්ලාස් එකේ එක ලග සීට් දෙකක වාඩිවෙලා හිටියා.. මං හිටියේ සුදෝසුදුවට පාවෙන වලාකුළු දිහා ෂටර් එකෙන් බලාගෙන වෙද්දි පපා හිටියේ මැගසින් එකක් බලන ගමන්...



පපාට පුදුමයි.. ගොඩක් පුදුමයි.. එයා මං බීජිං යන්න එනවා කියද්දි ඒ පුදුමෙට මාව බදාගත්දි මං තුරුල් උනා ඒ පපුවට.. මගෙ හැම වේදනාවක්ම එයා දන්නවා.. එයා විතරක් නෙවේ මගෙ ගෙදර හැමෝම..මට හිටියේ හරි ලස්සන පවුලක්...



සීන්ගෙයි මගෙයි අතර තිබ්බේ යාලුකමට එහා ගිය බැදීමක් කියලා මුලින්ම තේරුම් අරන් තිබ්බේ මගෙ මමා මිසිස් කාමන්.. ඊටපස්සෙ ඩයිලාගෙන් පටන් අරන් මුළු ගෙදරම දැනගත්තාත් මට වචනයක් වත් කිව්වෙ නෑ.. අඩුගානේ අපේ පිස්සු අන්කල්වත්...



" දුක්වෙන්න එපා පොඩී... ඔයාගෙ ආදරේ ඔයාට කවදාහරි හම්බෙන්නම ඕනෙ "



එදා මගෙ මමාගෙ වචන මට තවත් කන් ඇතුලේ දෝංකාර දෙද්දි පාවෙලා යන ගුවන්යානය ඇතුලේ මං ඇස් පියාගත්තා.. එයා කිව්වා මට මගෙ ආදරේ හම්බෙන්න ඕනෙ කියලා.. අම්මෙක්ගෙ ප්‍රාර්ථනාවක් හදවතින්ම කරන නිසා ඉෂ්ට නොවී තියෙන එකක් නෑ නේද....



මං හැමතිස්සෙම හිතුවේ ඒකයි.. මං හොයන්න උත්සහ නොකලේ ඒකයි.. කවදාහරි දවසක් එනවා බලාගෙන හිටපු දවස එනකන්.. බීජිං වලට පියාසර කරද්දි ටික ටික ලං වෙද්දි මගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා..



" පුතා... ලෑන්ඩ් කරා.. "



ඇස් පියාගෙන හිටපු මට පපාගෙ වචන ඇහෙද්දි මං හිමින් ඇස් ඇරියා.. ඔව්ව් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා එයාර්පෝර්ට් එකේ.. අපි බීජිං වලට ඇවිල්ලා.. මගෙ හදවත වේගයෙන් ගැහෙන්න ගත්දි මං පපුව අල්ලගත්තා..



" ඔයා ඒකට ෆේස් කරන්නම ඕනෙ යිබෝ !! ඔයා කරන්නම ඕනෙ... "



පපා මගෙ උරහිසට අතින් තට්ටු දාන ගමන් කියද්දි වේගයෙන් ගැහෙන පපුව අල්ලගෙනම මං නැගිට්ටා.. එයාර්හොස්ටර්ස්ලා පැසෙන්ජස්ලට හිනාවෙලා සමුදෙද්දි මං පපාගෙ පිටිපස්සෙන් ෆ්ලයිට් එකෙන් එලියට එන්න ආවා...



දොර ගාව අපි දිහා බලාගෙන හිනාවුන එයාහොස්ටර්ස් ට මගෙ ඇහැ යද්දි මොකක් නිසාද මන්දා එයාව මගෙ හිතේ ඇදුනා.. එයාට ලස්සන හිනාවක් තිබ්බා වගේම එයා මට ඒ හිනාව දුන්නා...







" මිස්ටර් වන්ග් ! සුබ නිවාඩුවක් "





එයා පපාට ආචාර කරලා කියද්දි පපාත් එයා එක්ක සුහදව හිනා වුනා.. ඒ අතර කාලෙම මං බලාගෙන හිටියේ ඒ කෙල්ල දිහා.. අන්තිම වතාවට එයාට ලාවට හිනාවක් දුන්න මං පඩිපෙල බැහැගෙන ඇවිත් ලා කොල පාට පොළවට අඩිය තිබ්බා...






අවුරුදු 3කට පස්සේ..... මං ආයෙත් බීජිං ... මගෙ රටට මං ආයෙත් ආවා....




හොද හුස්මක් උඩට ගත්ත මං බීජිං වල හුලග ගතට දැනෙද්දි ලගේජ් එක තල්ලු කරන් පපා එක්ක එයාපෝර්ට් එකෙන් එලියට එද්දි අපිව එක්කන් යන්න ඇවිත් හිටපු කෙනා දකිද්දි මගෙ මූණට ආවේ හිනාවක්.. අවුරුදු 3කට පස්සෙ එයත් මගෙ ඉස්සරහා...




" අන්කල් "




" පොඩි බේබි"



මං කරන කුප්ප වැඩට හවුල් වෙලා වෙලාවක් ආව ගමන් මාව කපපු මිනිහා.. මාව තරහාගස්සන්න වගේම මට හිනාවක් දෙන්න දෙපාරක් නොහිතපු කෙනා.. අපේ ඩ්‍රයිවර් අන්කල්.. මට පොඩි බේබි කියලා ආදරෙන් කියද්දි එයා මගෙ දිහා හැගීම්බරව බලාගෙන හිටියා ..



තවදුරටත් එදා කොලේජ් ගිය උස හීනි ඇට්ටර යිබෝ හිටියේ නෑ.. මං සම්පූර්ණයෙන් පරිපූර්ණ මිනිහෙක් වෙලා අවුරුදු 3කට පස්සෙ එයාලා ඉස්සරහාට ඇවිත් හිටියා.. මමද කියලා අදුරගන්න බැරි තරමට රූපෙන් කඩවසම් වෙලා දේහධාරී වෙලා ඉද්දි ඒ ගැන නම් මගෙ පපා ගොඩක් ආඩම්බර වුනා...



" මගෙ කොල්ලෝ තුන්දෙනාම හැන්ඩ්සම් "



එයා කිව්වෙ ගොඩක් ආඩම්බරෙන්... ජැකියා ආයෙ කියන්න දෙයක් නෑ.. මේ වෙද්දි ඌ සුපිරියක්.. මං ෆොටෝස්, වීඩියෝ කෝල් වලින් විතරයි දැක්කේ.. ඒත් මට කියන්න පුළුවන් උගෙ පස්සෙන් සෑහෙන්න කෙල්ලො දැන් වැටිලා ඇති..


නිකන් මිනිහෙක් නෙවෙයි නෙහ් එයාර්ෆෝර්ස් පයිලට් කෙනෙක්.. තාම ජූනියර් තමා.. ඒත් ජැකියා දවසක ලොකු එකෙක් වෙයි.. ඌ තමා වන්ග් පවුලට ආඩම්බරය ගෙනාව පලවෙනි එකා.. ඒ වුනත් මම තමයි තාමත් වන්ග් පවුලේ මිණි පහන...


" පොඩි බේබි ගොඩක් වෙනස් වෙලා... අදුරන්නත් බෑ.."


" එහෙමද.. "


කාර් එක එයාර්පෝර්ට් එකෙන් පිටත්වුන වෙලාවේ ඉදන් අන්කල් එකම දේ කීපාරක් කිව්වද කියලා මට මතක නෑ.. එච්චරට මං වෙනස් වෙලාද කියලා හිතාගන්න බැරි තරමට මං වෙනස් වෙලාලු... හැබැයි හිතින් නෙවේ රූපෙන්....










මං තාමත් එදා හිටපු යිබෝමයි.. හැබැයි වෙනසක් තිබ්බා.. අවුරුදු 3කට කලින් හිතේ වෛර තියාගෙන සෝල් ගිය මං අවුරුදු 3කට පස්සේ බීජිං ආවේ ඒ වෛර අමතක කරලා.. ඒ වගේම ඉස්සර වගේ කටකාර වෙවී චොර වෙලා යන ගතිය මගෙන් සම්පූර්ණයෙන් ගිහින් තිබ්බා..


මං කතා කලේ උවමනාම දේ විතරයි.. මං නිශ්ශබ්දතාවයට ගොඩක් ආස කලා.. මං දැන් එහෙම ජීවත් වෙන්න කැමතියි.. ඉතින් පරණ යිබෝ ආයෙත් ආවට සමහර දේවල් වලින් වෙනස් වෙලා හිටපු යිබෝ කෙලින්ම ආවේ හොස්පිට්ල්‍ එකට...


" රූම් නම්බර් 26 "



අන්කල් කියද්දි මං පපා එක්ක මමා ඉන්න රූම් එක හොයාගෙන ගියා.. 26 දොර ගාව හිටගෙන තත්පර ගානක් හිටපු පපා දොර ඇරගෙන ඇතුලට යද්දි ඇතුලේ හිටපු කෙනෙක් එකපාරට බෙල්ල හරවලා බැලුවා...




" සොනික් ! "



" අඩෝ..... මගෙ යිබෝවා.. "



ට්‍රේනින් ඩොක්ටර් කෝට් එක දාගෙන හිටපු සොනික් කෑගහද්දි මගෙ මූණට හිනාවක් එද්දි ඉන්නේ කොහෙද කියලා වත් අමතක කරලා ඌ දුවගෙන ඇවිත් මාව බදාගත්තා.. ඊටපස්සෙ මං දැක්කේ හිටගෙන හිටපු අනිත් එකාව....



" චූටි "



ඩයිලා මගෙ දිහා ඇස්වල කදුලු පුරවගෙන බලාගෙන හිටියා.. මගෙ හදවත උණුවෙලා වැක්කෙරෙන්න වගේ.. ඌ අඩනවා... මගෙ පොඩි ඇටයා.. ඌ මාව දකින්නේ අවුරුදු 3කින් හින්දද මන්දා ඌ හොදටම අඩද්දි ඩැරන්ව බදාගෙන හිටපු අත්දෙක මං ඒකා දිහාට දිග් කලා....



" ග්... ගගා... "



" ඔව් මං ආවා.... "



මට එච්චරයි කියන්න හම්බුනේ ඩයිලා අඩන ගමන් දුවගෙන එද්දි මං ඌවත් තුරුල් කරගත්තා.. මගෙ උන් දෙන්නාම මං තුරුල් කරගත්තා.. සොනික් මගෙ උරහිසකට ඔලුව ගහන් ඉද්දි ඩයිලා හොදටම අඩනවා.. මට දුක නැතුව නෙවේ ඒත් මගෙ ඇස් වලින් කදුලු වැටුනේ නෑ....



මට ඊලගට බැලුනේ බෙඩ් එක දිහා.. මමා ඇස්පියන් හිටියා.. එයා නිදිද කොහෙද.. සේලයින් එකකුත් දීලා තිබ්බා කැනියුලා එකක් එක්ක.. මට එයා ලගට යන්න ඕන උනත් මුන් දෙන්නා ගෑණු දෙන්නා වගේ මගෙ ඇගේ එල්ලිලා ඉද්දි මං එහෙමම හිටියා...



" දාඩියයි අෆ්ෆා.. දැන් ඇති... "



" අනේ යිබෝවා.. උබ ගොඩක් වෙනස් වෙලා බන්... නේද ඩයිලා බලහන් මේ ඉන්නේ අර ඉස්සර හිටපු ඇම්ඩාද බන් ? "



ඩැරන් මගෙ කෝට් එක පුරාම අත් අරගෙන යන ගමන් ඩයිලා එක්ක මගෙ වෙනස්වීම් ගැන කියද්දි මගෙ මූනට හිනාවක් ආවා.. උන් ඇත්තටම මගෙ ගැන දුකේදි දුක් වෙනවා.. සතුටෙදි සතුටු වෙනවා.. ඉතින් උන් මගෙ උන්... මගෙ උන් කියන්නෙ මගෙ උන්ට...



අන්තිමට පපා ඩයිලාව මගෙන් ඇදලා ගත්ත නිසා කෝල බෙයාර් වගේ ඇගේ එල්ලිලා හිටපු එකෙක් ගැලවෙද්දි මං සොනික් එක්ක සෝෆා එකේ ඉදගත්තා.. අපිට කතා කරන්න කොච්චර දේවල් තියේද මේ නහයෙන් අඩන්නේ...


" මං ආවානෙහ් ඕයි.. ගෑණි වගේ අඩන්නේ නැතුව හිටපන්කෝ... "



" අනේ මගෙන් අහගන්න එපා යිබෝවා තෝ අඩපු හැටි "



" ඒවා දැන් වැඩක් නෑ... "



සොනික් මතක් කලේ මං සීන් ගියාට පස්සෙ පිස්සු හැදෙන්න අඩපු ඒවා ගැන.. හරි ඉතින් බූට් එකක් තමා මං තනිකර කෑවේ.. අනික පලවෙනි එක නිසා අඩන්නේ නැතුව යෑ.. හැම එකාම එහෙමයි.. මං විතරක් නෙවේ...



ඒත් මං දැන් අඩනවද... නෑ නෙහ්.. ඒකට හරියන්නත් එක්ක අපේ වෙන්ඩ ඩොකා අඩනවා... මං සොනික්ගෙ උරහිස වටේ අත දාගෙන උගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා.. මට මහන්සියි.. ගොඩක් මහන්සියි.. පැය ගානක් ඇවිත් නෙවේ ගෙවිලා තිබ්බ අවුරුදු 3 ට මහන්සියි....



" උබ හොදින් නේද යිබෝවා ?"



" හ්ම්ම්... ඔව් බන් "


" මට උබට කියන්න දෙයක් තියේ.. ඒත් මං මේ දේවල් දන්නේ කොහොමද කියලා කියන්න බෑ.. හරී"



මගෙ මූණ දිහා බලාගෙන ඩැරන් මං හොදින්ද ඇහුවා.. ඒ මුල් දවස් වලට වඩා මං හොදින් නිසා එහෙම කිව්වත් ඒක 100% ක් ඇත්ත නෙවේ.. ඒත් කලින්ට වඩා හොද එකට හොදයි කියන්න එපැයි..




ඒත් සොනික් මට කියන්න දෙයක් තියනවා කියලා මං ඔලුව වනලා අහන්න ලෑස්ති වුනත් ඒකා කිව්ව දේ නිසා මගෙ ඇස් වලට කදුලක් උනාගෙන ආවා.....







" අවුරුදු දෙකකට විතර කලින් ජාන් උබව හැමතැනම හොයලා ඒත් උබ අතෑරලා කියලා දැනගෙන.... "









~ Shawuu Liang 🍑✍🏻





                    *********************


🖋 මිණි පහන බීජිං ආවා 😪🥹




🖋 සීන් ත් හිත හදාගෙන වgay 🥺🥺





🖋 Vote, Comment 💚❤️


You are reading the story above: TeenFic.Net