තුත්තිරි ගැලවීම

Background color
Font
Font size
Line height


මාව
ඇදලා ගත්
ඇය ද,
මාව නවත්තා ගත්
ඔබ ද,
ඉදිරිපත් කළ
"සාධාරණ" හේතු
මට
කිසිදා

ගැටලුවක් වූයේ
නැත,

ගැටලුව
පටන් ගත්තේ
හේතු සියල්ල
මට
"සාදාරණ"
වීමට පටන් ගත්
මොහොතේදී ය....

හතර අතට
ඇනෙනා..
කාඩ් කුට්ටමකි,
ජීවිතය


You are reading the story above: TeenFic.Net