අවජාතක කඳුලක්

Background color
Font
Font size
Line height

කෙටි
චිත්‍රපටයක් බැලුවෙමි,
විනාඩි දහයක

මුල්
විනාඩි නමයේ ම
කියන්න
තරමේ
අවුලක්
තිබ්බේ නැත

අන්තිම
විනාඩියේදී
ප්‍රධාන

චරිතය
මරා දැමිණි

උපදින්නට
ලියවී නොතිබූ
කඳුලක්
සෙමින්
දෑස් අගින්
පතිත විය

මුල්
විනාඩි නවයේ
අවුල,
දැන්
වැටහිණි

එය තමා
අ වු ල.....


You are reading the story above: TeenFic.Net