නෙතු අද්දර (On Going)
"මොකද්ද බන් උබ අද අර කරා කියන්නෙ? මොනා නැතත් උබට මතීෂ අයියට අර බෝලෙ පාස් කරන්න තිබ්බා.""ඇයි ඌ මහරජ්ජුරුවොද?" මුන් සේරම අද එකම බණේ එකේක විදියට ඇවිත් කියද්දිනම් දවසම එපා වෙනවා. මොන වදයක්ද? ඒ ගමන අනුත්තරත් පටන් අරන්."ඔය කිව්වෙ ඉතින් එකක්. ඔය මතීෂ කියන්නෙ ඔය වගේ ඇරියස් තියාගෙන පස්සෙ පන්න පන්න දශ්ට කරන විස පිරුණ නයෙක්. ඒ නිසා කාත් එක්ක සෙල්ලම් කරත් තෝ ඌ එක්කනම් ප්‍රශ්ණ දාගන්නෙපා." අනුත්තර එහෙම කියද්දිනම් මගෙ හිතටත් දැනුනෙ මහ අමුත්තක්. ඒත් ඉතින් ඌ නයෙක් වුනා කියලා මට පාන්ද....ඌ නයෙක්නම් මම හැපින්නක් වෙලා හරි ගිහින් ඌට කරන්න තියෙන සේරම දුෂ්ටකම් ටික කරනවා. ~~~~🌸🌸🌸~~~~මෙය හුදෙක් අහඹුවක් නොවන හමුවීමක්.…