chapter 6 👻🖤

Background color
Font
Font size
Line height

( අහන ගමන් කියවන්න නැත්තම් ඇස් වහන් අහන්න  🙃🖤)

කළු පැහැති මෝටර් රථය ගොස් නතර කරේ කළු පාට විශාල ගේට්ටුවක් අසල එය ඔටෝ විවෘත වූ අතර යූනි කාර් එක ඉදිරියට පදවන ලදී.........ඇය විසින් කාර් එක නතර කරන ලද්දෙ තට්ටු තුනකින් යුත් මන්දිරයක් නොවුවද ඒ හා සමාන විශාල නිවසක් අසලය.........





" වොහ් ලැවෙන්ඩර් මේකද මගෙ අලුත් ගෙදර.......

" දෙහ් බූත පැටියෝ මේ ගේ කොහොමද.......

" වෝහ්හ්හ්හ්......ඒක ගොඩක් ලස්සනයි ඒ වගේම ලොකුයි

"හරි හරි කෝ දැම් යන් ඇතුළට




මාත් ඉතිම් කාර් එකෙන් බැහැලා වට පිට බල බල ගියේ යූනිගේ ගේ ඇතුළට ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි තීම් එක කලු & සුදු මික්ස් එකක් මම යූනි එක්ක ඇතුලට යනකොට එයාගෙ ඔම්මා , අප්පා ,ඔන්නි ඔක්කොම සාලෙ උන්නා.......එගොල්ලො ඔක්කොම බලන් ඉදලා තියෙන්නෙ යූනි ගෙදර එනකම්ද කොහෙද මමනම් යූනිගේ ඔන්නිට ගොඩක් බයයි මම කවුරුහරි මාව දකී කියලා භයටම යූනිගෙ පිටිපස්සෙ හැංගුනා.........මම හොල්මනක් උනාට මට තාමත් බෑ මම මැරුනා කියලා හිතාගන්න

























හැබැයි මම ඇත්තටම සතුටු වෙනවා මම මැරුන එක ගැන ජීවත් වෙලා උන්න කාලේ මම විදපු දුක දන්න එකම කෙනා මම විතරයි කාටවත් මගෙ දුක කියාගන්න බැරි තරම් මම අසරණ වෙලා උන්නෙ මම භය උනා හැමෝම මට හිනා වෙයි කියලා කවුරුත් මට උදව් කරන එකක් නෑ කියලා ඉතිම් මම කාටවත් මුකුත් කියන්න ගියේ නෑ හැමදාම ඉවසුවා පුළුවන් උපරිම ඉවසුවා දරාගන්න බැරි තැන් වල ඇදට ගුලි වෙලා ඇඩුවා පිස්සෙක් වගෙ ඇඩුවා දරාගන්න බැරි තැන් කිව්වට මම හැම දවසකම වගෙ ඇඩුවා මම කොච්චර ආදරේ කරාද කියන්න දන්නෙ මම විතරයි ඒ ආදරේ තරමට මම විදෙව්වා හැබැයි ඒ විදවීමට මම ආදරේ කරා මොකද මට ඒ විදවීම නිසාම මට දැනෙන්න පටන් ගත්තා මම ඒ හිතට ආදරේ කරන තරම ඒ තරමට මම ඒ හිතට ආදරේ කරා ඔව් මම ආදරේ කරේ ඒ හිතට විතරයි මොකද මම කවදාවත් දැකලා තිබ්බෙ නෑ එයාගෙ රූපේ ඉතිම් කවදාවත් කාටවත් මට කියන්න බෑ මම ආදරේ කරේ රූපෙට ලස්සනට කියලා මම ආදරේ කරේ ඒ හිතට විතරමයි අයිති නොවුනත් ඒ හිතට විතරමයි

ඒ නිසාම මම හැමදාම හැම විනාඩියකම හැම තත්පරේකම මැරි මැරී ඉපදුනා මම විදෙව්වා මටම මම පව් කියලා හිතෙන තරමට මම විදෙව්වා ඒකත් මගෙ ආදරේ එක සතේකට ගනන් නොගන්න කෙනෙක්ට මම මගෙ හදවතින්ම ආදරේ කරා එයා වෙනුවෙන් මම මට කරන්න පුළුවන් කියලා හිතුන හැමදේම කරා මගෙ සල්ලි කාලේ කදුලු හැගීම් හැමදේම කැප කළා මම කවදාවත් පසු තැවෙන්නෑ මම මගේ ආදරේට පුළුවන් උපරිම සාධාරණය ඉශ්ට කරා එයා වෙනුවෙන් නැතුව කා වෙනුවෙන් වියදම් කරන්නද එයා වෙනුවෙන් නැතුව කා වෙනුවෙන් කාලේ වැය කරන්නද මම හැමදාම හිතුවේ එහෙම මම එයා වෙනුවෙන් මට පුළුවන් උපරිම කරන්න තමා මම හැමදාම හිතුවේ මට හැමදාම ඕන උනේ මම හැමදාම හැමෝම ඉස්සරහ අසරණ උනා එයා එයාලගෙ ආදර කථා කියද්දි මම ගොලු උනා එයාලා ආදරේ කරන අය එක්ක සතුටින් ඉන්නවා දකිද්දි මම දරාගන්න බැරි තරම් විදෙව්වා එයාලාගෙ උණුහුමෙ පහස කියද්දි හාදුවක රස කියද්දි හැමදාම මම කරෙ හිනා උන එක විතරයි පිස්සෙක් වගෙ හිනා උන එක විතරයි මට ඉතුරු වෙලා තිබ්බෙ එච්චරයි හැමදාම කොහෙ හරි හැංගිලා අඩන්න විතරයි මම පුරුදු උනේ




කාලෙ එක්ක මම ගොඩක් වෙනස් උනා ඉස්සර හැමෝ එක්කම සතුටින් උන්න මම කරේ පංතියෙ නිදාගන්න එක කිසිම යාලුවෙක් ආශ්‍රය කරේ නෑ ඉස්සර වොශ් රූම් එක පේන්න බැරි මම දැන් ගොඩක් වෙලාවට වොශ් රූම් එකට යනවා ඒ අනික් අය වගෙ වුවමනා ඉටු කරගන්න නෙමෙ දරාගන්න බැරි වෙදනාව පිට කරන්නයි මම ඒකට යන්නෙ මොකද කවදාවත් මම අඩන සද්දෙ ලොකෙට ඇහුන්නෑ එයා නිසා මගෙ ඇස්වලින් වැටුන කදුලු අද එකතු කරානම් ගගක් හදන්න පුළුවන් මම හිතන්නෙ මම හැමදාම දෙවියන්ගේන් ඇහුවේ මම මොකක්ද කරපු වැරැද්ද කියලා කවදාවත් මම ගැන නිකම්වත් හිතන්නැති කෙනෙක් වෙනුවෙන් ඇයි මේ පපුව පිරෙන්න මෙච්චර ලොකු විදවීමක් එක්ක ආදරයක් ඇති කරේ කියලා මෙච්චර විදවීමක් තියෙනවානම් ඇයි එයාව එදා මට මුණ ගැස්සුවෙ මම මොකක්ද කරපු වරද හැමදාම එක හිතක් වෙනුවෙන් ජීවත් උන එකද මම කරපු වරද මේ පපුව පිරෙන්න එකම හිතකට ආදරේ කරපු එකද මම කරපු වරද



මම හැමදාම අඩන ගමන් දෙවියන්ගෙන් ප්‍රශ්න කරා දරාගන්න බැරි වේදනාවෙන් පපුව දෙකඩ වෙන්න තරම් දැනෙන වේදනාවෙන් මම හැමදාම දෙවියන්ගෙන් ඇහුවා හහ්... මට අයිති නැති ලැවෙන්ඩර් මලක් බලාගන්න ඇයි මාව මේ ලොකෙට එව්වෙ ඒත් ඒ මට උරුම දේ වෙන්න ඇති ගොඩක් පරිස්සමෙන් බලාගෙන කවදාහරි එයාගෙ අයිතිකාරයා එයාව නෙලන් යද්දි එයාව සතුටින් එයාගෙ අතට දීලා බලන් ඉන්න එක ඔව් මම ඒක කරනවා මට පුළුවන් විදිහට එයාව බලාගෙන එයාගෙ උරුමකාරයා එයාව අරන් යන්න ආව දවසට එයාගෙ අතට බාර දීලා ඒ සතුට දිහා බලන් මාත් සතුටු වෙනවා මම හැමදාම වගේ එයා එක්ක රංඩු උනා දවසක් හොදින් උන්නොත් ආයි දවස් ගානක් රංඩු උනා එහෙම කරෙ කවදාවත් තරහකට නෙමෙ මට මගෙ වේදනාව එයා ඉස්සරහ පිට කරන්න විදිහක් තිබ්බෙ නෑ එයා ඉස්සරහ අඩන්න බෑ මට දැනෙන දේවල් කියන්න බෑ ඒ නිසාම මම හැමදාම එයා එක්ක රංඩු කරා තරහක් නිසා නෙමෙ මගේ වේදනාව පිට කරන්න මට වෙන ක්‍රම තිබ්බෙ නෑ  එයාටත් හිතෙන්න ඇති මම මහ නපුරු කෙනෙක් කියලා ඒත් මම නපුරු නෑ මම අසරණයි කියාගන්න බැරි තරමට අසරණයි මම කොයි වෙලෙත් රංඩු වෙන නිසා එයාට මාව  එපා වෙලා තිබුන එකෙත් අන්තෙට වැටෙන්න ඇති එත් මම හැමදාම එහෙම කරේ මගෙ අසරණකම නිසා විතරයි අසරණකම නිසාම විතරයි




ඒත් ඇයි වෙන කෙනෙක් මගෙ ජීවිතේ එන්න හදපු හැම වෙලේම ඒ රූපෙ මගෙ ඉස්සරහට දාන්නෙ දෙවියෝ උනත් දැනන් ඉන්න ඇති මගෙ එකම දුර්වලකම ඒ කියන්න අනික් අය වගෙ එකම හිතක් මත්තෙ නොනැහි හැමෝම වගේ දකින දකින කෙනාට කැමති උනානම් එදා මම විදවපු කෙනෙක් නොවී ජීවත් වෙන්න පුළුවන් වෙයිද මම දෙවියන්ගෙන් ඇහුවේ එහෙම එකම හිතක් මත්තෙ මම නැහුන නිසාද මට මෙච්චර දුකක් දෙන්නෙ ඇයි විදවන්න මාව ජීවත් කරන්නෙ එහෙම ඕන නෑ කියලා මම ඉල්ලුවා මට මැරෙන්න දෙන්න කියලා මොකක්ම හරි දෙයක් වෙලා මැරෙන්න දෙන්න මම හැමදාම උදේ හවා නැතුව දෙවියන්ගෙන් ඉල්ලුවෙ මගෙ මරණය විතරයි මොකද මේ විදවීම මට බර වැඩි උනා පපුව පැලෙන්න තරම් වේදනාවකින් හැමදාම ජීවත් වෙන්නෙ කොහොමද



ඇත්තටම මම දැකලා නෑ යූනි ආදරේ කරපු කෙනා මම එයාට ඉර්සියා කරා ඇත්තටම ඊර්සියා කරා හැබැයි කවදාවත් මගෙ ආදරේ අයිතිකාරයා උන නිසා නෙමෙ එයා මොන වගෙ කෙනෙක් ද එයා ඒ ආදරේ දිනුවා මම ඒකට ඊර්සියා කරා ඇත්ත මම නොදැකපු රූපෙකට හිතින් ආදරේ කරාට මාව නොදැක එයා මොනාටද මට කැමති වෙන්නෙ එයා මට වඩා ඉස්සර උනා මම ඒකට ඉර්සියා කරා සමහරක්විට එදා දෙවියෝ මට ඒ කොලේජ් එකට යන්න නොදී හරස් උනේ මාව පණපිටින් ම වල දාන්න බැරි නිසා වෙන්නත් ඇති අනික යූනිම එන්න එපා කියද්දි ඇයි මම ආයි යන්න දගලන්නෙ මම එහෙම හිතුනා එයා නොදන්නවා උනාට මම එහෙට යන්න දගලපු එකම හේතුව එයා ඔම්මට අප්පටත් රිද්දුවා ඒ නිසාම මට ඕන උනේ ලගට ගිහින් ඔම්ම කෙනෙක් වගෙ එයාව බලාගන්න එයා ආදරේ කරන කෙනා කවුරු උනත් එයාව එයාට ගෙනත් දෙන්න එත් යූනි එන්න එපා කිව්වා ඒ දෙන්නට ඒ දෙන්න ලගම සතුටින් ඉන්න පුළුවන් නේ ඒක කොච්චර ලොකු දෙයක් ද සමහරක්විට මම එදා ගියානම් ප්‍රශ්න වැඩි වෙන්න තිබ්බා යූනිට මම ගැන තියෙන අකමැත්ත මම එදා හොදටම දැක්කා කොච්චර ලොකු වේදනාවක් උනත් මම හැමදාම හිත හදාගත්තා මම ටික ටික හැගීම්වලට භය කෙනෙක් උනා මම යාලුවො ආශ්‍රය නතර කරා පංතියෙ මුල්ලකට වෙලා නිදාගන්න පුරුදු උනා යාලුවො උඹ මැරිච්ච එකෙක් වගෙ කියනකොට මම කරේ ඒ මූණු දිහා බලලා හිනා වෙන එක විතරයි මොකද මට ඕන උනේ නෑ මේ තරම් ලොකු වේදනාවක් ආයි කිසිම බැදීමකට විදින්න ගෙදර උන්නත් මම කරේ නිදාගත්තු එක ගෙදර අය මට බැන්නත් මම ඒක එහෙමම කරා මට ඕන උනේ හැමෝම මාව ප්‍රතිකේෂ්ප කරනවා දකින්න ඒ නිසා ම එහෙම කරා මොකද මට මාවම එපා වෙලා උන්නෙ මට ඕන උනේ අනික් අයටත් මාව එපා කරවන්න ඒක මම හොදට කරා ජීවත් උනත් ගල් පිලිමයක් වගෙ උන්නා ගෙදර අය එක්ක උනත් දවසට වචන 3ක් විතර කථා කරන්න තරම් මම අමනුස්සයෙක් උනා එයලටත් රිදෙන්න ඇති එත් මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ



ඇත්තටම වෙලාවටකට මට හිතුනා මට පිස්සු කියලා අනික් අයගෙ ආදර කථා හිමි වෙලා අහිමි වෙන්නෙ මම කවදාවත් දැකලා නැති කවදාවත් ස්පර්ශ කරලා නැති කවදාවත් මගෙ වෙන්නෑ කියලා දැම දැනම ඒ හිතට විතරක් ආදරේ කරා ඒකත් අසම්මතයක් ඒ නිසා ම මම ගොඩක් අසරණ උනා වගේම විදෙව්වා කාටහරි කිව්වොත් එයත් ඒක විහිලුවකට විතරයි ගත්තේ මට ආදරේ කියන වචනෙම එපා උනා මෙච්චර විදවන්නනම් කාගෙවත් ජීවිතේට ආදරේ කියන වචනෙවත් ඇහෙන්න එපා මම හිතුවේ හැමදාම එහෙම ඒ තරමට ඒක ලොකු වේදනාවක් සමහරක්විට හැමෝම හිතන්න ඇති මට ආදරේ දැනෙන්නෑ කියලා එහෙම නෑ මට ගොඩක් ආදරේ ඕන උනා අනිත් අයටත් වඩා මොකද මම තනි වෙලා උන්නෙ ඒ මම කරපු පව්වලට වන්දි ගෙවනවා කියලා තමා මම හිත හදාගත්තෙ එත් මට ආදරේ ඕන උනා ඕනවටත් වඩා මම හැමදාම හිතුවා යූනි එක දවසක් හරි කෝල් එකක් හරි දිලා ඔයාට කොහොමද කියලා අහයි කියලා හහ් එයා මොනාටද මම ගැන හොයන්නෙ මම මොකෙක්ද ඒ මට අයිති නැති කෙනෙක් කියලා ඒ මගෙ ලැබීම කියලා ඒ නිසා මම මගෙ මරණේ හැමදාම හැම මොහතෙම ප්‍රාර්ථනා කරා අද මම දිනලා මට සතුටුයි





































යූනිගේ ඔම්මා එක පාරම යූනි ලගට ඇවිත් එයාගෙ අතින් අල්ල ගත්තා මට මතක් උනේ මගෙ ඔම්මා ළඟ මම උන්න විදිහ........

" දරුවෝ ඔයා ආවද......මොකද මේ මලක් අරන්

'" අහ්.......අහ් ඔම්මා මේ මම ගෙනිච්ච මලක් නේ........

" ඉතිම් ආයේ ගෙනාවේ......

" අ......අ......අහ් මේ මල මම ගෙනාවේ හනකිව මතක් වෙන්න.......

" පිස්සද ලමයෝ ඔය ගෙනියන ඒවා ආයි ගේන්න හොද නෑ.......

" ඇයිහ්හ්හ් ඔම්මා හනකි එයි කියලා බය උනාද.......

"ඒත් දරුවෝ.....

" අයියෝ ඔම්මා හනකි හොල්මනක් වෙන්නෑ ඒ උනොත් අපි ඔක්කොටම දෙවියන්ගේ පිහිටයි.......


මම එක පාරම යූනිගෙ පිටට එකක් ගැහුවෙ එයා ඔම්ම ඉස්සරහ මට කිව්ව එක නිසා හුම්ම්ම්ම්........ ඒක ටිකක් හයියෙන් වැදුනද කොහෙද එයාගෙ මූණත් අදුරු උනා ඒත් ඉතිම් මොනා කරන්නද මාව සැජ්ජ කොරානේ......









" හරි හරි දරුවෝ ඉක්මනින් වොශ් එකක් දාන් එන්න කෑම කන්න

"අනීහ් ඔම්මා මට කන්න බෑ දැන්නම්......මට දැන් නිදාගන්න ඕනා......

"හරි දරුවෝ කන්න බැයිනම් ගිහින් වොශ් එකක් දාන් නිදාගන්න

" දෙහ් ඔම්මා, අප්පා, ඔන්නි ගුඩ් නයිට්......

"ගුඩ් නයිට්......අපි ඔයාට ආදරෙයි










යූනි ඔම්මලාට අත වනන ගමන් උඩ තට්ටුවට යන්න පඩි පෙල නැග්ගා මාත් එයා පස්සෙන් උඩට ගියේ එයාටත් මාව පේන්නැති වෙන්න පස්සෙ ඉතිම් මාත් එයා එක්කම එයාගෙ කාමරේ අස්සටම ගියා......




















" ඒව් බූතස් ඔයා මාත් එක්ක ආවා නේද.....

"දෙහ් මම මෙතන ඉන්නො......
















යූනිගේ කාමරය කළු පැහැයෙන් ආලේප කර තිබුණි ඇයගේ දොර අසල සිට ගමන් කළ විට එක් මුල්ලක ඇයගේ ගිටාරය හා ෆුට් බෝලය හා ඇදුම් කට්ටලය තිබුණි කාමරයේ මැදට වෙන්න සුවපහසු ඇදක් පිහිටා තිබුණි ටිකක් ඉස්සරහට වන්න දොරක් විය එම දොර වොශ් රූම් එකේ දොර විය අනෙක් කෙළවරේ දොර 3කින් යුත් අල්මාරියක් විය ඊට එහා පසින් පොත් මේසයක් වූ අතර එහි ඇයගේ පරිගණකය හා පොත් පත් වගයක් විය ඇදට පිටු පස විශාල පිංතූරයක් වූ අතර එහි සිටියේ ගැහුණු ළමුන් දෙදෙනෙකි මදකට මට ආයෙමත් විශාල දුකක් දැනෙන්නට විය

" මේ එතකොට එයාද "

මම එහෙම හිතන ගමන් කොහොමහරි ආයෙමත් ඉස්සරහට අඩිය තිබ්බෙ ඉතුරු ටිකත් බලාගන්න හිතාගෙන අනෙක් අයිනෙ කන්නාඩි මේසයක් වූ අතර ඊට ටිකක් එහායින් දොරක් විය මා එය විවෘත කලේය අදහා ගන්නත් බෑ ඒක අස්සෙ පොඩි පුස්තකාලයක් එක අස්සෙ පොත් ගොඩක් තිබ්බා ඒක හොයාගන්න පුළුවන්කම තිබ්බෙ හොදට බලන කෙනෙක්ට විතරයි මොකද ඒක ජනේලෙත් එක්ක අල්ලලා හදලා තිබ්බෙ ඊට එහායින් සෝෆාවක් විය එකනම් කලු පාට ලස්සන එකක් ඊට එහායින් තිබ්බෙ සපත්තු රාක්කයයි මෙහෙම කාමරේ වටේ ඇවිද්ද මම ආයෙමත් නතර උනේ පිවිසිමේ දොර ඉස්සරහ......

.










































" දැන් හරිද පුංචි නෝනා ඔක්කොම බලාගත්ත ද

" නෑ අරක දැක්කෙ දැන්නෙ
මම එහෙම අත දික් කරේ බිත්තියේ එල්ලා තිබුන රූපවාහිනිය වෙත

"එනවකු ලගට මෙන්න මෙතන ඉදම් බලාම් ඔක්කොම පේනවා ඔන්න.....

" වොහ් මේකනම් මරු මගෙ අලුත් ගෙදර සුපර්නේ.....

"අහ් අහ් ඒවා මගෙ හරිත

"එහෙම කියලා කෝමත දැන් ඉතිම් මගෙත් ගෙදර මේක තමා හුම්ම්ම්ම්.....

"අනේ අනේ හාකෝ පුංචි නෝනා ......දැන් එහාට යනවා මට වොශ් එකක් දාගන්න ඕන.....

"මාත් එන්නද ඔයා එක්ක ඇතුලට.....

" යහ් තමුසෙ මගෙන් ගුටි කනවා

" විහිලුවක් කොරේ ඉතිම්

" මෙතනම ඉන්නවා ඇහුනනෙ මෙතනම ඉන්නවා

" හරි ඉතිම්



































එහෙම කියලා එයා ටවල් එකත් අරන් ගියේ වොශ් රූම් එක අස්සට මම ඔලුව දාලා ඇතුල මොන වගේද කියලා බලන්න ගියත් මට එන්න නොදි ඩෝන් ගාලා දොර වැහුවා මම හොල්මනක් නිසා හොද වෙලාවට මගෙ අත දොරට අහු උන්නෑ එයා අවුස්සපුවහම කම්මුල් සෝස පාට වෙනවා එතකොට අමුතුම හුරතල් මූණක් එයාට එන්නෙ ඊලග දවසේ ඉදන් එහෙම අවුස්සන්න ඕන......

මම ඔහොම හිත හිතම එයා එනකම්ම කොරේ කාමරේ එහාට මෙහාට ගිය එක ඇත්තටම කාමරේනම් මාරම ලස්සනයි හැබැයි දැන් මට කම්මැලි එයා ආපු ගමන් නාන්න ගියානේ හුම්ම්ම් මම මෙහෙම ඉන්නකොට මට එක පාරම යූනිගේ පෝන් එක වයිබ්‍රේට් වෙන සද්දේ ඇහුනා මම පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ගියේ කවුද මේ වෙලාවේ මැසේජ් එවන්නෙ කියලා

මාත් ඉතිම් දුවලා ගිහින් එයාගෙ පෝන් එක තියලා තිබ්බ මෙසෙ ළඟ ඉදලා ඔලුව දාලා බැලුවෙ පෝන් එකේ ස්ක්‍රීන් එක දිහා

*Insuuu ❤️🌏*

එකේ නම සදහන් වෙලා තිබ්බෙ එහෙම

"මෙයා කවුද ලෝක බොලෙකුයි හාට් එක්කුයිත් තියෙනවා මැසේජ් එක බලනවද නෑ නෑ අම්මො අර බෝම්බේ මාව කයි "

ඒ කන්ටැක් එකේ අයිති කාරයා කවුද කියලා හිතන ගමන්ම මම ගිහින් ආයේ ඉදගත්තෙ යූනිගේ වොශ් රූම් එක ඉස්සරහ ඒ යූනි එලියට එනකම් මට එතනම ඉන්න කිව්ව නිසා

New chapter 🙃🙃🙃
දැන් මම කතාව වෙනස්ම පැත්තකට අරන් යනවා මමවත් දන්නෑ මේකෙ අවසානය ඔයාලට හනකි ජීවත් උනොත් මොනා කරයිද කියලා දැනගන්න ඕනනම්

My enjel now i bid you farewell

ස්ටෝරි එක කියවන්න මම එක ලංකාවේ ජීවත් වෙන ආශු කියන චරිතෙකින් පෙන්නන්වා ඒ වගේම මේ ඔක්කොම මගෙ හිතට එන දේවල් මේක ප්‍රබන්ධයක් කියලත් මතක තියගන්න ඉතිම් ඊලග එපියත් අරන් එන්නම්කෝ මම මේක නිකම් හරි අන්පබ්ලිශ් කොරොත් කෝප නොගන්න හරිත

අනික හැමදාම වගෙ ප්‍රාර්ථනා කරමු හනකියෙක් ජීවිත් වෙනෝනම් ඉක්මනින් මැරෙම්න කියලා 😌😌)


You are reading the story above: TeenFic.Net