chapter 1 👻🖤

Background color
Font
Font size
Line height

(සිංදුව අහන ගමන් කියවන්න 🙃🖤 නැත්තම් ඇස්වහන් අහන්න )

My life
Written by
Jeon Akuu

සුපුරුදු පරිදි පෙර දින මෙන් සවස 5.00ට පමණ මම උපකාර පංතිය නිම වී පඩි 80කින් යුත් පඩි පෙළෙන් බිමට බැස්සෙ හති අරින ගමන්ය..... මදක් නැවතී හතිහළ මා නැවත මාර්ගය ඔස්සෙ ගමන් කලේ නිවස බලා යෑම සදහා තිබූ බසය සොයා බස්නැවතුම්පොළ වෙතට යාමටයි......සැමදා මෙන් අදද මාර්ග තදබදය තිබීම මා හට පාර මාරු වීම සදහා උපකාර විය .... ඉන් පසු............................

" පැටියෝ ......පැටියෝ .....හනකි......... මෙන්න මේ පෝන් එක ක්‍රීං .....ක්‍රීං .....ගානවා

" දේහ්..... ඔම්මා...... මම ඇවිත් බලන්නම්

එලෙස පැවසූ මා අත වූ පොතද පැත්තකින් තබා....මාගේ දෑතින් කොණ්ඩය සකන ගමන් මේසය දෙස බැලුවේ කොණ්ඩයට ගසා ගැනීමට කොණ්ඩ කට්ටක් සෙවීමටයි..... මා අතට හසු වූ කොණ්ට කට්ට ගෙන මාගෙ සියලු කොන්ඩ කෑලි එකට අල්ලා උඩටකර කොන්ඩක්ට්ට ගැසුවේ ....කොන්ඩය කඩා සිටිනවිට මා හට දාඩිය දාන බැවිනි .... ඇග මැළි කැඩූ මා ඇදෙන් බැස පියමැන්නෙ මාගේ දුරකථනය චාජ් එකට ගසා සිටි ඉස්සරහ කාමරය වෙතටයි......... දොරකඩ සිටිම මා එහි ඩිස්ප්ලෙය වෙත මාගෙ නෙත් යොමු කලේය මා දුටුවේ වට්සැප් මගින් මා හට ලැබී ඇති පණිවිඩයයි.....එහි සදහන් වූ නම මම මෙතරම් වෙලා අපේක්ශාවෙන් සිටි තැනැත්තියගෙ විය .....මගේ සිත මහත් සතුටින් පිරී ගිය අතර මුවද සිනහවෙන් පිරිනි..... ඇය හට මා වෙත මෙතරම් සතුටක් ගෙන දේමට හැකි වන්නෙ කෙලෙසදැයි මා ද නොදනී......

" ඔහ් එයා ඇවිල්ලා ඔහ් යේ තෑන්ක්ස් ගෝඩ් තෑන්ක්ස් "

මා මටම කියාගත්තේය.......මාගේ වචනයෙන් ඇය මා හට ලැවෙන්ඩර් මලක් වූ අතර මා ඇයට කප්කේක් එකක් වුණි ......සැමදා මෙන් මා ඇයගේ මැසේජ් එක දුටු විගස ඇයට ප්‍රතිචාර දක්වන ලදී

In the phone chat

💚 = ඒව් කොහොමත ඉතිම් ජීවිතේ කස් එක හොදින් ද🌚

🖤 = යහ් හනකි මට ආයි මගෙ කස් එක ගැන කියන්න එපා අඩුම එයාව මතක් කරන්නවත් එපා....

💚 = ඔහේ හරි නපුරුයි සාගෝ

🖤= ඔව් මම නපුරුයි තමා

💚 = ඔව් ඉතිම් උබර්ගෙ ලොකුකම් ඔක්කොම මටනෙ

🖤= දේ මම නපුරුයි මම හිතක් පපුවක් නැති එකෙක්
මම දැන් මටම හේට් කරනවා
මට දැන් කවුරුත් නෑ

💚= ඔයා කෝමත ඒම කියන්නෙ ඔයාට මේ මම ඉන්නෙ
මැරුන් නැත්තම් මම හැමදාම ඔයා එක්ක ඉන්නවා
මැරුනත් හොබ්බනක් වෙලා එනවා 👻

🖤 = හ්ම්ම්ම් ඒක ලොකු දෙයක්
ඒකම ඇති මට

💚 = හැබැයි ඔයාට මාව පේන්නැති වෙයිද දම්නෑ

🖤 = ඒකට කමක් නෑ මට ඔයා කතා කරන සද්දෙ ඇහෙයිනෙ ඒකම ඇති මට

💚 = එහෙනම් මම පොරොන්දුවක් වෙන්නම්කෝඕඕ
මට පුළුවන් කාලයක් මම ඔයා එක්ක ඉන්නවා
බැරිවෙලාවත් මැරුනොත් හොබ්බනක් වෙලා ඔයා එක්ක ඉන්නවා 👻

🖤= අන්න මරු
මම ඒකට කැමති
Lob you

💚 = හැබැයි තොවිල් නටලා එහෙම මාව බෝතලයක් අස්සට දාන්න එපා හරිත 👻

🖤= පුළුවන්නම් බය නොකර ඉදපිය 😂

💚 = යන තැනක මාවත් බෑග් එකේ දාම් යමන් හරිත

🖤 = හා බලමුකෝ 😂

💚= මාව උස්සන් යමන් හරිත මම බර ඣැ 👻

🖤= බෝතලේට දාම් යන්නම්😂

💚= අපො එතකොට එළිය පේන්නෑනෙ මම පස්සෙන් එන්නම් ඔයා මාව අත් අරින්නැතුව අල්ලම් යන්න

🖤 = හා තදින් අතින් අල්ලන් යන්නම්

💚 = එත් ඔයා දැන් වගේ තරහා ගියාම එපා වෙලා මාව දාලා ගියොත් 🥺🥺 මට ඉන්නෙ ඔයා විතරයි නෙ 🥺👻

🖤= මට කියන්න තියෙන්නෙ හැමදාම කිව්ව දේ තමා

💚 = ඒ මොකක්ද 🥺👻

🖤 = ඔය අත මම අල්ලගත්තේ කවදාවත් අත් අරින්න නෙමෙ කියන එක
ඉතිම් කියනවකෝ ආසම මල් ජාතිය මොකක්ද

💚 = මමත .....අම්ම්ම් ඩේසි👻

🖤= ඒමත

💚 = ඒව් මම මැරිලා ඉද්දි මාව බලන්න එනකොට ඩේසි මලක් ගේන්න ..... මම එකෙන් ඔයාව හොයා ගන්නම්👻

🖤 = පොරොන්දු වෙන්නම් ලැවෙන්ඩර් මලක් හරි ඩේසි මලක් හරි අරම් එන්නම්

තව ලස්සන ඩේසි පැළයක් වවන්නම් ඔයාගෙ සොහොන ලගින්

💚= ඉකේව් ටෝ මාව මැරුවා නේත හුවෑආආආ 😪😪🤧🤧🤧

🖤= යහ්...යහ්.... ඉතිම්

මෙවැනි සංවාද නිතර අප අතර සිදු වේ අප දෙදෙනා සැබෑ ලොවට වඩා බොහෝවිට ජීවත් වූයේ සිහින ලෝකවලය

2022/12/24

ආදරණීය ලැවෙන්ඩර් ඔයා තමා මට මගෙ ජීවිතේ ලැබුන වටිනම ත්‍යාගය.......ගොඩක් මගෙ කදුළු වගේම සිනහවේ අයිතිකාරයා ඔයා ලැවෙන්ඩර්........ ඇත්තටම ඔයාගෙ එක වචනෙකට මාව කොච්චර සතුටින් තියන්න පුළුවන් ද කියලා මම විතරයි දන්නෙ මම කොහොමද ඒක ඔයාට කියන්නෙ.......මම ඔයා ඉස්සරහ මගෙ හැගීම් පාලනය කරගන්නම කොච්චර ඉවසනවද ලැවෙන්ඩර්....... හරි අපූරුයි ලැවෙන්ඩර් ඔයාගෙ වචනවලින් ජීවිතේ අන්තෙටම වැටිලා උන්න මාව හරි ලස්සනට ජීවත් කරා ලැවෙන්ඩර්...... ඔයා ලග පොඩි ලමයෙක් වගෙ දැවටි දැවටි ඉන්න හේතුව ඔයාලගින් දැනෙන සැනසීම වෙන්න ඇති ලැවෙන්ඩර්......... ඔයා එක්ක තියෙන බැදීම මටම හිතාගන්න බෑ ලැවෙන්ඩර්....... ඔයා වෙලාවකට මට අම්මා කෙනෙක් , වෙලාවකට සහෝදරියක් , වෙලාවකට යක්ශණියක් ඔය මොනා කරත් මම ඔයාට හැමදාම ආදරේ කරනවා ලැවෙන්ඩර් මම දන්නවා ඒක අසම්මතයි ඒ වගේම ඔයා මට අයිති නෑ මට ඔයාගෙ ආදරේ තදටම දැනුනෙ ඔයා වෙනකෙන්ගෙ කියලා දැනගත්තු දවසේ මම ඒකට ගොඩක් පසුතැවෙනවා ලැවෙන්ඩර් එත් ලැවෙන්ඩර් හිතට දැනෙන ආදරේ එහෙම නතර කරන්න බෑනේ මම දන්නවා ලැවෙන්ඩර් ඔයා කවදාවත් මගෙ වෙන්නෑ ඒත් ආදරේ කියන්නෙ අයිති කරගැනීමද ?.....එහෙම නෑ නේ ලැවෙන්ඩර් මට ඔයාව ඕන නෑ ලැවෙන්ඩර් එත් මට ඔයා නැතුවත් බෑ කවුරු උන්නත් ඔයා නැති තැන මට ඉදලා වැඩක් නෑ ඔයාට පුළුවන් නේද ලැවෙන්ඩර් යාලුවෙක් විදිහට ජීවත කාලෙම මාත් එක්ක ඉන්න..........මාව ගනන් නොගෙන ඉන්න එපා ලැවෙන්ඩර් ඒ තරම් දුකක් මට කොහෙවත් නෑ ඔයා මාව ගොඩක් අඩනවනා ලැවෙන්ඩර් ඔයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා මට දැනෙන වේදනාව කියාගන්න බෑ ලැවෙන්ඩර් මට කෑ ගහලා අඩන්න ඕන උනත් මම කොහොමද එහෙම කරන්නෙ මම.... කෑගහලා ලෝකෙට කියන්න ඕන උනත් මම ආදරේ ඔයාට කියලා ආදරේ කියන්නෙ අයිති කරගැනීම නෙමෙ කියලා මම දැන් දන්නවා ලැවෙන්ඩර් මගෙ කදුලු ඔයා කොච්චර වැට්ටුවත් කවදාවත් ඔයා එක්ක තරහා නෑ ලැවෙන්ඩර් මම සතුටු වෙනවා ලැවෙන්ඩර් මේ වැටෙන කදුලු තරමටම ඊටත් වඩා මම ඔයාට ආදරේ කරනවා කියලා මට දැනෙනවා ලැවෙන්ඩර් මේ මගෙ ඉරණම වෙන්න ඇති ලැවෙන්ඩර් .......ඒත් අදටත් මගෙ සැනසීම ඔයා ලග විතරයි ලැවෙන්ඩර් ඔයා ලග විතරයි

මා සැම දින ඇය හට කීමට නොහැකි මගේ සිතෙහි ඇති හැගීම් මෙලෙස මාගේ දින පොතෙහි ලියවීමට පුරුදු විමි සැමදා මෙන් කදුලු අතරින් මෙය ලියා අවසන් කල මා දිගු හුස්මක් වා තලයට මුදා හැරියේ හදවතෙහි කැකෑරෙන වේදනාවට තව මා පැරවීමට ඉඩ නොදෙමිනි...........

A/N

ඔවුන්ගේ මිත්‍රත්වය ද එතරම්කල් තියා ගැනීමට නොහැකි විය යම්කිසි සාදාරන හේතුවක් නිසා ඇයට යාමට සිදුව ඇත නමුදු හනකි විසින් ඇය පැමිණෙන තුරු සැමදා බලා සිටියේය.... ඇය සමග කතා කල හැකි වචන දෙක , තුනද ඇයට මහත් සතුටක් ගෙන දෙන්නට විය නමුදු පෙර මෙන් පැය ගනන් කතා කල ලැවෙන්ඩර් ඇය සමග නොවීය හනකි හට ඇයගෙ අඩුව තදින් දැනුනි එමෙන්ම ලැවෙන්ඩර් හනකි හට ලබා දුන් පොරොන්දුව

" මම මැරුන්නැත්තම් ඔයාව අමතක කරන්නෑ"

ඇය කවමදාක හෝ එම පොරොන්දුවට සාදාරනයි ඉටු කරන්න පැමිණෙන තෙක් හනකි බලා සිටියේ..... ඇය සැමදා ඇයගෙ ලැවෙන්ඩර් විශ්වාස කළේය .....

එමෙන්ම හනකි විසින් ලැවෙන්ඩර් හට ලබා දුන් පොරොන්දුවක් විය එනම්

" කවදාහරි ජීවිතේ දිනවනවා "

හනකි විසින් එම පොරොන්දුවට උපරිම සදාරණයක් කළේය.... ලැවෙන්ඩර් වෙනුවෙන් ඇය හට කළ හැකි උපරිම දේ වූයේද එයය.....එමෙන්ම හනකි කොරියාවල 3වන ස්ථානයට වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට හනකිට හැකි විය ඇයගේ සාර්ථකත්වයට ද ලැවෙන්ඩර් හේතුවක් වූවේය..... මෙලෙස වසර 2ක් ගෙවී ගියේය.......ලැවෙන්ඩර් ද මේවන විට පැමිණ ඇත මේ වන විට හනකිට අවුරුදු 20ක් වූ අතර ලැවෙන්ඩර් හට අවුරුදු 18ක් විය


2 year ago

සැමදා මෙන් රාත්‍රි ආහාරය අනුබව කළ පසු මා කාමරය වෙත පිවිසියේ පෝන් එක එබීමට සිතාගෙනය
ඒ වන විට වේලාව රාත්‍රි 9ත් පසු වී තිබිණි මා මෙලෙස පෝන් එක ඔබන අතරතුර මා හට ඇසුනේ සාලයේ දුරකථනය නාදවන ශබ්දයයි...... මා එය හට අවධානය නොදී නැවත මගේ කාර්යෙ නිරත වූයේ මා හට එය වැදගත් නොවන හෙයිනි.......

" පැටියෝ ...... හනකි...... ඔයා නිදිද.....

" අනී ඔම්මා..... මම ඇහැරිලා ......

" පැටියෝ මේ කෝල් එක ඔයාට .......

මම එකවරම බැලුවේ බිත්තියේ වූ ඔරලෝසුව දෙසයි එහි වෙලාව සදහන් වූයේ රාත්‍රි 9 පසුවී විනාඩි 45ක් ලෙසයි මෙතරම් රෑ වී නිවසෙහි දුරකථනයට ඇමතුමක් පැමිණි ම අනිවාර්යයෙන් වැදගත් දෙයක් විය යුතුය .....එක්මනි ඇදෙන් පැනගත් මා ටාසන් වගේ පැනගෙන ගියේ සාලය වෙතයි......

" කවුද ඔම්මා"
දුරකථනය අතට ගන්න ගමන් මම රහසෙන් මවගෙන් විමසීය

" ප්‍රින්සිපල් .....පුතේ..... ප්‍රින්සිපල් .....
මව එලෙස රහසින් මා හට කියන විට මා හට හීන් දාඩිය දාන්නට විය

" හෙලෝ මෑම්........

" හනකි මට ඔයා එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕන ඔයාට කතා කරන්න පුළුවන් ද

" යෙස් මෑම්......

" මම ඔයාට කලින් කතා කරන්න ගියාට මට බැරි උනා

" ඔහ් සොරි මෑම්.... මම කෑම්ප් ගිහින් ආවේ ඊයෙ

" දරුවො ඔයා එක්සෑම් කරලා ඉවර උනාට ඔයා තමා මේ ඉස්කොලෙ තාම හෙඩ්
මෙය ඇසූ මා හට වචනද පැටලුනි

" ද්....දෙහ්..... මෑම්......ම....මගෙ අතින් මොකක් හරි ......

" නෑ නෑ දරුවෝ එහෙම දෙයක් නෙමෙ ඔයා දන්නවනෙ මෙතලි හයි ස්කූල් එක මේ පාර 1 එක්සෑම් එකෙන් දිස්තික් ලෑන්ඩ් 1,2,3 ඔක්කොම ඒ කොලේජ් එකේ

එය ඇසූ පමණින් මට සතුටක් මෙන්ම දුකක්ද දැනුනි..... මා යමට සිහින දැකි පාසල එය විය නමුත් මාගේ හැගීම් නිසා මා හට එය කල නොහැකි විය.......

" ද්.....දෙහ්..... මෑම් මට දැනගන්න ලැබුනා

" එයාලගෙ ගැජුවර් එකට මටයි මගෙ ඉස්කොලෙ හෙඩ්ටයි ඉන්වයිට් කරලා තියෙනවා මම හිතන්නවා ඔයා ඒකට සහභාගි වෙයි කියලා "

" දෙහ්..... මෑම් අනිවාර්යයෙන් "
මම කියන්නත් කලින් ඒ වචන මගෙ කටින් පිට විය

" හොදයි හනකි හෙට උදේ 8.00 වෙද්දි කාර්යාලය ලග ඉන්න

" දෙහ් මෑම්

එලෙස පවසා මා දුරකථනය තමා මගෙ මව වෙතට හැරුනේය....

" ඔම්මා .......ඔ.....ඔම්මා......

" වේ දරුවෝ මොකද උනේ.........ඇයි බය වෙලා......

" අ.....අනී අනී ඔම්මා.....බය නෙමෙ ඔම්මා.....සතුට ඔම්මා.....සතුට

" ඔම්මට මතකද මෙතලි කොලේජ් එක අර මම යන්න හීන දැක්කෙ......මට එකෙන් ඉන්වයිට් එකක් ආවා ඔම්මා ඒ...... ඒකත් ගෙස්ට් කෙනෙක් විදිහට යන්න ඔම්මා......

මෙය ඇසූ විගස මගෙ මව විසින් මා බදාගෙන හඩන්නට විය.......මා හටද සතුටු කදුලු පැමිණියේ ය.....විගසින් මා දිව්වෙ කාමරය වෙතයි ......

" කොහෙද දරුවෝ යන්නෙ......

" කාමරේට ඔම්මා මට මේක කියන්න කෙනෙක් ඉන්නවා .....

මා හැකිවිගස කාමරයට ගොස් දුරකථනය අතට ගත්තේ ය.....මා එහි වූ ඩිස්ප්ලෙ පොටෝව වෙත කතා කරන්න විය ......සැබවින්ම එය මගෙ ලැවෙන්ඩර් මලගෙ විය ....

" මම ඔයාව බලන්න එනවා ලැවෙන්ඩර් "

මම පොටෝවට කියා සිටියේය එම පොටො ව සියල්ලන්ට දැකගත හැකි වූ නමුත් මගේ පවුලෙ අයට පවා මා කියා සිටියේ ඇය මා යාමට කැමති වූ පාසලේ දැරියක් බවත් මා ඇයව නොඅදුරන බවත් මෙම චායාරූපය අන්තර්ජාලයෙන් ගත් බවත්ය .... අදටත් ඒ පොටො ව සමග මට ඇති බැදීම දන්නා එකම තැනැත්තිය මම විය කෙදිනක හෝ මා සමගම මියයන රහසකි එලෙස පවසා මම ඒ පොටෝව තවමත් මගෙ දුරකථනයේ ඩිස්ප්ලෙ පොටොව කරගෙන ඇත

සැබවින්ම මා හට මෙතලි කොලේජ් වෙත යාම සදහා හරස් වූ හේතුව ලැවෙන්ඩර් විය .... ඇයට දුර සිට මා මෙතරම් ප්‍රේම කරන්නෙනම් ඇය අබියස මගෙ කදුලු , හැගීම් මා කෙලෙස පාලනය කරගන්නද......මා විසින්ම මා හට රිදවිය නොහැක එම නිසා මම මාගෙ අවුරුදු 2ක හීනයට තිත තැබුවේය .......

මා නැවත දුරකථනය මා අතට ගත්තේ එයින් ආ ක්‍රීං ..... ක්‍රීං ශබ්දය නිසාය

🖤 = යා , යා බොක්ක හෙට ගැජුවර් එක

💚 = ආවුස් ගැම්මක් අහ්
මෙලෙස මා යැවූ මැසේජයට රිප්ලයි බොහෝ වෙලා යනතුරු නොපැම්නේය

" හොද වැඩේ හනකි උබට අත තියන් ඉන්න බෑනේ දැන් සතුටුද බලාම් ඔන්ලයිනුත් එක්ක උබර්ව ගනම් ගන්නෙත් නෑ "
මා මටම කියා ගත්තේ ය

ඉන් විනාඩි 10කට පමණ පසු එයට රිප්ලයි එකක් ලැවෙන්ඩර්ගෙන් පැමිණියේ ය

🧠 = යහ් හනකි....බලන්නෙ එහෙම නෑ ඒකි ඉස්සරහ උඹ බොලදයි තමා එත් අනික් උන් ඉස්සරහ වගේ ගැම්මෙන් ඉදපම් ඩෝ ගැම්මෙන්

❤️ = යේ හනකි අන්න මැසේජ් එකක් ඇවිත් බලන්නැද්ද දැන් විනාඩි 2ක්කුත් ගියා

🧠 = ඔහේ කටවගනිම්......හනකී මෝඩ වැඩ කරන්න එපා

❤️= පිස්සු ද හනකි ඔයාට අමතක උනාද ඒ කවුද කියන්න

" යහ් කට වහගන්නවා දෙන්නම"
මාගෙ හදවත හා මොළය සැමවිටම ලැවෙන්ඩර්ගෙ ප්‍රශ්ණවලදි මා එක්ක තර්ක කරන්න විය

නමුදු මේ අවස්ථාවේ සැමවිටම මා මාගෙ හදවතට අවනත විය එම නිසා ම මා මැසේජ්ය ප්‍රතිචාර දැක්වු වේය.....

❤️ = that's my girl

🧠= යහ් මෝඩ ගෑනි

In phone chat

🖤 = thanks bokkah

💚= මට එන්න බෑත

🖤= එන්න තිබ්බා ටෝ මයේ අම්මා උනනාම්

💚= අනේව් එන්නම්කෝ🥲🤌💔

🖤 = වරෙම් මගෙ ආච්චි විදිහට සෙප්ත 😒

💚 = සිම්ක් සිම්ක්

🖤= අඩේව් හෙට ෆ්‍රෙශ් පිට නැගිටින්න ඕන මම ගියා බායි
ගුම්ලයිට්

💚= ගුම්ලයිට් එහ්හ්හ්

අප දෙදෙනාගෙ සංවාදය මෙලෙස නිම විය නැවත මා ඩිස්ප්ලෙය වෙත පැමිණියේ එහි වූ ලැවෙන්ඩර්ගෙ රුව දැක ගැනීම සදහාය ......

" මම හෙට එනවා ලැවෙන්ඩර් "
එලෙස සිතූ මා සිතින් සිනාසෙන්නට වීමි

මාද නිදන්නට වුවද පාන්දර 3.30 පමණ වනතුරු මා කලේ ඇදේ එහාට මෙහාට පෙරළීම පමණි මා වෙත නින්ද පැමිණෙන විට පාන්දර 4.00 පමණ විය

ඔන්න 1st එපිය මේක ටිකක් වෙනස් විදියෙ එකක් නිසා ෆීල් වෙන එකක් නෑ 😊😊 හොදනම් කමෙන්ට් කරන්න අඩුපාඩු තියෙනවානම් ඒකත් කියන්න 😊😊 මේක හරියට තේරුම් ගන්න කලින් කිව්වා වගේම ඉවර වෙනකම් කියවන්නම වෙනෝ 👻👻 එහෙනම් ඊලග එපියෙන් ඉක්මනින් හම්බෙමු ..... මම මේක ලියලා ඉවරයි ඒ නිසා ඉක්මනින් ඉවර වෙයි 😊😊😊 අහ් සෝංග් එක දැම්මෙ ලස්සන නිසා 👻👻


You are reading the story above: TeenFic.Net